කුමන්ත්‍රණකාරී අයුරින් මුල්‍ය අරමුදල පමණක් එකම සරණ කර ගෙන, එහි වැඩසටහනකට ශ්‍රී ලංකාව ඇතුළත් වුව හොත් ශ්‍රී ලංකාවට සෑම මාස 6කට වරක් USD මිලියන 362 ක් ලැබෙනු ඇත. ඒ අනුව, එම වැඩ සටහන යටතේ විවිධ කොන්දේසිවලට යටත්ව, වසර 4 ක, මුළු ණය වන USD 2,900ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.එම ණය මුදල ලබා ගැනීමට පහත දැක්වෙන තත්ත්වයන් සදහා මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදු වන්නේය
(A) 40% ක පමණ ණය කප්පාදුවක් සඳහා ණය හිමියන්ගෙන් එකඟතාවයක් ලබා ගැනීමත් සමඟම, විදේශ විනිමය ණය ප්‍රතිව්‍යුහගත කිරීම.
(B) 20% ක පමණ ණය කප්පාදුවක් සඳහා EPF ඇතුළු දේශීය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හිමියන්ගෙන් එකඟතාවයක් ලබා ගැනීමත් සමඟම දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම.
(C) ශ්‍රී ලංකා රුපියල වෙනුවෙන් දැනට පවතින "ස්ථාවර" (fixed) විනිමය අනුපාත ප්‍රතිපත්තිය අත්හිටුවා, රුපියල නැවත වරක් "නම්‍යශීලී" (flexible) බවට පත් කිරීම. මේ අනුව, සති කිහිපයකින් USD 1ක් රුපියල් 550 ක අගයක් ඉක්මවා යාමට බොහෝ විට ඉඩ තිබේ.
(D) මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත සම්පූර්ණයෙන්ම "දත්ත මත පදනම්" වූ (Data-Based) ක්‍රමයකට යටත් කිරීම. එමගින් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත සැලකිය යුතු වැඩි වීමකට යොමු වීම. වර්තමානයේ, ආර්ජන්ටිනාවේ මහ බැංකු ප්‍රතිපත්ති අනුපාතිකය හේතුවෙන් එහි පොලී අනුපාතය 75%ක් වන අතර එම රට IMF වැඩ සටහනක පවතී.
(E) මහ බැංකුවේ "ස්වාධීනත්වය" සඳහා නීති සම්මත කිරීම. ඒ අනුව, රජය විසින් භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව වෙත නිකුත් කිරීම අත්හිටුවීම. ඒ සමගම යම් කාල සීමාවක් ඇතුළත දී දැනට මහ බැංකුවට හිමි භාණ්ඩාගාර බිල්පත් අඩු කිරීම ද සිදු විය හැක. එමගින් රටේ පවතින පොලී අනුපාත තව දුරටත් දැවැන්ත වර්ධනයකට යොමු වෙනු ඇත.
(F) විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පරිදි, එක්සත් ජනපද ඩොලර් මිලියන 3,000 ක් පමණ විදේශ විනිමය රැස් කර ගැනීම සඳහා පොදු වත්කම් විකිණීම ආරම්භ කිරීම. මේ හේතුවෙන් දැවැන්ත සමාජ නොසන්සුන්තාවක් ද, සමහර විට දූෂණයට තුඩු දිය හැකි අවස්ථා ද ශීඝ්‍ර ලෙස මතු වීම.
(G) ඉන්ධන, විදුලිය, ජලය, ගෑස්, වරිපණම්, රජයේ සේවාවන් ඇතුළු සියලුම පොදු උපයෝගිතාහී, මිල ගණන් "පිරිවැය පරාවර්තක" ආකාරයට ගණනය කිරීම සහ ඒවායේ මිල නියම කිරීම. එමගින් සියලුම උපයෝගිතා හී මිල ගණන් වර්තමාන ඉහළ මට්ටම්වලින් පවා සැලකිය යුතු ලෙස වැඩි කිරීම.
(H) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තීරණය කරනු ලබන අනෙකුත් සංසන්දනාත්මක රටවල ආර්ථිකයන්හි, බදු අනුපාත අගයන් වෙත ළඟා වීම සඳහා, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ බදු අනුපාතය ක්‍රමයෙන් වැඩි කිරීමට දැනට පවතින ඉහළ බදු මට්ටම පවත්වා ගෙන යාම සහ ක්‍රමයෙන් බදු තවදුරටත් වැඩි කිරීම.
(I) ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු රජයේ සේවකයන්, විවිධ යෝජනා ක්‍රම යටතේ කඩිනම් සහ පුළුල් ලෙස සංඛ්‍යාත්මකව අඩු කිරීම සහ රාජ්‍ය සේවය කප්පාදුව.
(J) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියකින් තොරව කිසිදු ද්විපාර්ශ්වික හෝ වෙළඳපල මූලාශ්‍රවලින් ණය ලබා ගැනීම නැවැත්වීම. කෙසේ වෙතත්, 2022 අප්‍රේල් 12 වැනි දින බංකොලොත් භාවය ප්‍රකාශ කිරීම හේතුවෙන් පැන නැගුණු "හරස් පැහැර හැරීම්" (Cross Defaults) නිසා, අවම වශයෙන් තවත් වසර 5ක සිට 10 දක්වා කාලයක් ඇතුළත දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළ වෙත ප්‍රවේශය දැනටමත් අහිමි වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීමට පෙර මාස හයක කාලයක් ඇතුළත, ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 4,000 ක පමණ ද්විපාර්ශ්වික මූල්‍යකරණයන් ලබා ගෙන ඇති අතර, 2022 වසර තුළදී කල් පිරෙන ණය සම්පූර්ණයෙන්ම පියවීම සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා ගැනීමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10,700 ක ගලා ඒමට සූදානම් කර තිබුණි.
එබැවින්, අවාසනාවන්ත ලෙස බංකොලොත්භාවය ප්‍රකාශ නොකර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගෙන, ශ්‍රී ලංකාව එම මාර්ගයේම ගමන් කළ යුතුව තිබුණේද නැද්ද යන ප්‍රශ්නය දැන් අනිවාර්යයෙන්ම පැන නගිනු ඇත. ඉදිරි මාස කිහිපය ඇතුළත සිදු වන සිදුවීම් සහ ප්‍රතිඵල එම ප්‍රශ්නයට පිළිතුරු සපයනු ඇත.
Lanka Newsweek © 2025