Thursday 18th of June 2026

English Tamil
Advertiesment


IMF හැර විකල්පයක් නැහැ 


2022-10-21 14888

 

"රටේ තත්ත්වය අනුව දැඩි තීරණ ගන්න සිදු වෙනවා" 

 

මහා බැංකු අධිපති කියයි 

 

රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර ශ්‍රී ලංකා මහා බැංකු අධිපති  විකල්පයක් නොමැති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන දැඩි උද්ධමනකාරී වාතාවරණයෙන් ගැළවීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව පෙන්වා දෙන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බදු සංශෝධන සහ පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය සිදු කළේ උද්ධමනකාරී වාතාවරණයෙන් මිදීමට යැයි ද කියා සිටියි. 

වතමන් බදු ප්‍රතිපත්තිය අවම වශයෙන් වසරක කාලයක් ක්‍රියාත්මක කළොත් 2023 අවුරුද්දේ සිට බලාපොරොත්තු වන අයුරින් ආර්ථිකය ස්ථාවර වුව හොත් අනිවාර්යයෙන්ම බදු අදායම හිතනවාට වඩා වැඩි වන බව ද හෙතම පවසයි. 

වැඩි ආදායම් උපයන අය රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දිය යුතු අතර එමගින් අඩු ආදායම් ලාභීන්ට සහනයක් දිය යුතු යැයි කියා සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි ආදායම් උපයන බහුතරය එවැනි දායකත්වයක් දෙනවා නම් හැමෝටම බදු සහනයක් ලබා ගත හැකි බව ද සඳහන් කරයි.

බදු සංශෝධන සහ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම් සමඟ ඒකාබද්ධ වූ අනෙකුත් ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේ කොටස් බව ද මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි. 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment