Tuesday 21st of April 2026
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු තරගයේ ජය කොදෙව් කණ්ඩායම
2019-07-03
14859
(නිලන්ති චන්ද්‍රසේන)
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 226 කින් මෙම තරඟය ජය ගැනීමට හැකි විය.
මෙය දෙරට අතර පැවතී වසර 15ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම ජයගත් සිව් වන තරඟය ලෙස ඉතිහාසයට එක් වෙයි.
මෙම තරඟය පැවතියේ ට්‍රින්ඩෑඩ්හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී ය.
මෙහිදී තරඟයේ කාසියේ වාසිය ලබා ගත් කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර සිය පළමු ඉනිමේදී පන්දුවාර 154ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 414ක් ලබා ගැනීමට සමත් විය.
ශේන් ඩොර්විච් සිය ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 125 ක් රැස් කළේ ය.ශායි හෝප්ට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 44ක් පමණි.
පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 95 ට කඩුළු 4 ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පළමු ඉණිම සඳහා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 185 ක් පමණි.එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 44 ක් රැස් කල අතර නිරෝෂන් දික්වැල්ලට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 31 ක් පමණි.
පන්දු යැවීමේදී කොදෙව් පිලේ මිගෙල් කමින්ස් කඩුළු 3ක් දවා ගත්තේ ය.
කොදෙව් කණ්ඩායමට ඉණිමක ජයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අත්හරිමින් නැවතත් සිය දෙවන ඉණිම සදහා පිටියට පිවිසි කොදෙව් පිල සිය දෙවන ඉණිමේදී කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කරගෙන ගත්තේය.
එහිදී සිය ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කිරීමට කිරන් පෙවල්ට හැකිවුයේය ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 88කි.
පළමු ඉණිමේ මෙන්ම දෙවන ඉණිමේදී දක්ෂතා දැක්වූ ළහිරු කුමාර මෙහිදී කඩුළු 3ක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453ක ඉලක්කයක් හිමි විය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එමින් ආරම්භක පිතිකරු වූ කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් රැස් කළේ ය.එය ඔහු ආසියාවෙන් පිටතදී රැස් කළ පළමු ශතකය ලෙස වාර්තා වේ. ඇන්ජෙලෝ මැතිව්ස්ට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 31 ක්පමණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.අවාසනාවන්ත ලෙස අවසන් කඩුලු 5 ලකුණු 31ක් තුල බිඳ වැටිණ.
පන්දු යැවීමේදී කොදෙව් පිලේ රොස්ටන් චේස් කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූ අතර දෙවේන්ද්‍ර බිෂෝද කඩුළු 3 ක් දවා ගත්තේ ය.
RELATED NEWS
එශාන් මාලිංගලාට ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අකැපයිද..?
මේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අසාර්ථකම ලෝක කුසලානයද..?
ශ්‍රී ලංකා ක්‍රිකට්-අපට අවශ්‍ය වන්නේ එකමුතුව විනා අන්තර්ජාල යුද්ධයක් න...
බංග්ලාදේශයට මල් මිටක්
බංග්ලාදේශ ක්‍රිකට් අගාධයට : ලෝක කුසලානයත් වර්ජනය කරන බවට ක්රීඩකයන්ගෙන...
ශුබ්මන් ගිල් නිසා ඉන්දියාව කැළඹෙයි..?
2025 FIFA The Best සම්මානයත් ඩෙම්බෙලේට..!
හතුරුගෙන් හතුරු කමක්..?
ජෝන් ඔයාට WWE එක හරියන්නේ නෑ - ඔයා ඉක්මනට වෙන ජොබ් එකක් හොයාගන්න
Resent Post
එන්තරාවාසිය ලාල්ට පාරවළල්ලක් වෙන හැටි
ග්රන්ථ සමාලෝචනය
මහජනතාව ඉදිරියේ ආණ්ඩුවේ වලංගු භාවය අවසන් - විපක්ෂ
එශාන් මාලිංගලාට ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අකැපයිද..?
මොනවද මේ ජනාධිපති කොමිසන්
රවී දිනුම් නන්දලාල් පරාදයි
Lanka Newsweek © 2026