යුක්‍රේනයේ සපොරීෂියා සහ කර්සන් කලාප ස්වාධීන කලාප ලෙස රුසියාව සලකන බව සඳහන් කරමින් එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් සිකුරාදා (30) නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.
රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ, ඊට අදාළ ලේඛනවලට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අත්සන් තබා ඇති බව වන අතර එම ලේඛනවලට අත්සන් තැබූ දින සිට ජනාධිපතිවරයාගේ නියෝගය බලාත්මක වනු ඇති බවය.
ලේඛනවලට අනුව, රුසියානු ජනාධිපතිවරයාගේ තීරණය පදනම් වී ඇත්තේ, ජාත්‍යන්තර නීතියේ විශ්වීය මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් තහවුරු කර ඇති ජනතාවගේ සමානාත්මතාව සේම ස්වයං නිර්ණය පිළිබඳ මූලධර්මය පිළි ගැනීම, තහවුරු කිරීම සහ ජනමත විචාරණයකදී ප්‍රකාශිත ජනතාවගේ කැමැත්ත මත බව ද රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබේ.
රුසියාවේ කොටසක් බවට පත්වීම පිළිබඳ ජනමත විචාරණ ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක්හි සේම සපොරීෂියා සහ කර්සන් කලාපවල 2022.09 23 වැනිදා සිට 2022.09.27 වැනිදා දක්වා පැවැත්විණි.
ඒ සඳහා නිකුත් කරනු ලැබූ ඡන්ද පත්‍රිකාවල, ඔබ කලාපය යුක්‍රේනයෙන් ඉවත් වීම, ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සහ රුසියානු සමූහාණ්ඩුවට බැඳීමට පක්ෂ ද? යනුවෙන් සඳහන් කර තිබුණු බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.
ඒ අනුව, යුක්‍රේනයේ නව ප්‍රදේශ 4ක් රුසියාවට ඈඳා ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය රුසියාවේ මොස්කව් වේලාවෙන් සිකුරාදා (30) පස්වරු 3:00ට පැවැත්වීමට නියමිතව තිබෙන අතර රුසියාව පෙබරවාරි මාසයේදී ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් කලාප ස්වාධීන කලාප ලෙස පිළිගත්තේ ය.
මේ අතර, යුක්‍රේනයේ භූමි ප්‍රදේශ ඈඳා ගැනීමට රුසියාව දරන ප්‍රයත්නයට කවදාවත් සහ කිසිදු අයුරකින් ඇමරිකා එක්සත් ජනපදය එකඟ නොවන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.
යුක්‍රේනයේ එම ප්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා රුසියාව විසින් පවත් වනු ලැබූ ජනමත විචාරණය යුක්‍රේනය සහ බටහිර රටවල් විසින් මීට පෙර ද හෙළා දැක තිබිණි.
Lanka Newsweek © 2024