Monday 4th of May 2026

English Tamil
Advertiesment


බංග්ලාදේශයේ විදුලි අර්බුදය උත්සන්න වෙයි  


2022-08-24 14893


 

සතියේ දින දෙකක් පාසල් වසයි - කාර්යාල වේලාව පැයකින් අඩු කරයි

 

විදුලිය පිරිමසා ගැනීම සඳහා බංග්ලාදේශයේ පාසල් වසා තබන දින ගණන දෙක දක්වා ඉහළ දැමීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය සතියේදී සිකුරාදා දිනයේ පාසල් වසා දමන බවට රජය නිවේදනය කර තිබූ අතර, විදුලි හිඟය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් එරට පාසල් දිනයක් වූ සෙනසුරාදා දිනයේදිත් සිසුසිසුවියන්ට නිවාඩු දීමට සිදු වී ඇතැයි බංග්ලාදේශ රජයේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ. මීට අමතරව කාර්යාල වේලාවන් ද අවම කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව පැය අටක කාර්යාල වේලාව පැයකින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

Advertiesment