Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


කමලා හැරිස්ගේ උපදේශිකා රෝහිණී තනතුර හැර යයි


2022-07-18 14330

 

පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්න ඕනෑලු

 

කමලාගේ දේශන රචිකාවත් මීට දින කීපයකට පෙර ගෙදර ගිහින්

 

 ධවල මන්දිරය නිවේදනයකින් කියයි

 
(ගීත් තරුක)

 

අමෙරිකාවේ උපජනාධිපති කමලා හැරිස්ගේ උපදේශිකාවක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රෝහිණී ලක්ෂ්මි කොසොග්ලු සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කමලා හැරිස්ගේ දේශීය ප්‍රතිපත්ති උපදේශිකාව ලෙස කටයුතු කළ 38 හැවිරිදි රෝහිණී සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ සිය පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමේ අවශ්‍යතාව මත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. සිය පුතුන් තිදෙනාගේ වැඩකටයුතු සඳහා කාලය කැප කිරීමේ අවශ්‍යතාව ලබන අගෝස්තු මස මුල් භාගයේදී ඇය තනතුර හැර යෑමට නියමිතය. දරු තිදෙනකු මවක වන රෝහිණී උපජනාධිපතිනියගේ විශ්වසනීය සහායිකාවක ලෙස වසර 6කට ආසන්න කාලයක් ඇය සමඟ කටයුතු කර ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ඉමහත් කාර්ය භාරයක් ඉටු කළ බව සඳහන් වේ.

රෝහිණී ලක්ෂ්මිගේ ඉල්ලා අස්වීම වාර්තා වූයේ උප ජනාධිපතිනියගේ දේශන රචිකාව ලෙස කටයුතු කළ මේගන් ගෘබ්ගේ ඉල්ලා අස් වීමෙන් දින කිහිපයකට පසුවය. ඇය මේ තනතුර හැර යන්නේ සේවයට එක් වී මාස 4කටත් වඩා අඩු කාලයකදීය. කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තතතුරු හැරයෑමට පටන් ගෙන ඇත්තේ පසුගිය වසරේ අගභාගයේ සිටය. සිය දිගුකාලීන සහායිකාව රෝහිණී තනතුරෙන් ඉවත් වූවද ඇය තවදුරටත් වැදගත් උපදේශිකාවක සහ සමීප මිතුරියක ලෙස තමා සමඟ සිටිනු ඇතැයි කමලා හැරිස් ප්‍රකාශ කර තිබේ. අමෙරිකා රජයේ ඉහළම තනතුරකට පත් වූ පළමු ආසියාතික සම්භවයක් සහිත කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූ රෝහිණී විවාහ වී සිටින්නේ තුර්කි සම්භවයක් සහිත අමෙරිකා ජාතික පරිගණනක මෘදුකාංග ඉංජිනේරුවරයකු සමඟය. 1984 වසරේදී නිව් ජර්සි නුවර උපත ලැබූ රෝහිණී 1983දී අමෙරිකාවේ දේශපාලන රැකවරණය ලබා ශ්‍රී ලංකාව හැර ගිය වෛද්‍ය විජය දේවේන්ද්‍රම් රවීන්ද්‍රන් පවුලේ එකම දියණියයි. යාපනයේ තිරුනෙල්වේලි ප්‍රදේශයේ උපන් රෝහිණිගේ මාපියන් පසුකාලීනව කොළඹට සංක්‍රමණය වී ඇත. වෛද්‍යවරයකු වන ඇගේ පියා වැඩි අවධානය දිනා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසිනි. ඔහු 1969 වසරේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ.

 

Advertiesment