මෙවර යල කන්නය දෙස ද විමසිලිමත්ව බැලීමේදී මෙවර වී වගාවේ අඩුවක් අනුව අස්වනු ද 40%කින් පමණ අඩු වනු ඇතැයි අනුමාන කෙරේ. එහෙත් එවැනි තත්ත්වයන්ට මින් පෙර ද මෙරට මුහුණ දී ඇත. අස්වනු එකකට එකක් තරම් අඩු වීමේ අර්බුදයකට මෙරටට 2016 - 2017 කාලයේදී ද වගා හානි නිසා මුහුණ දීමට සිදු විය.
සහල් වෙළෙඳාමේ අසාමාන්‍ය මිලක් මෙකල ඇතැම් වෙළෙඳසල් ඇසුරෙන් දක්නට ලැබේ. ඇති තතු දන්නා කාටත් එය මවිතයට කරුණකි. එපමණක් නොව එදිනෙදා රට තොට පුවත් ජනමාධ්‍ය ඔස්සේ දැන කියා ගත් පොදු ජනතාවට ද මෙය ප්‍රහේළිකාවකි. මෙරට බත් ප්‍රධාන ආහාරය කොටගත් රටකි. ඉකුත් වගා කන්නවලදී ලද අස්වනු පිළිබඳ ඇති තතු මාධ්‍ය හරහා ප්‍රකට කිරීමත් සමඟ සහල් මිලෙහි අතිශය වැඩිවීමක් ගොවියා අපේක්ෂා නොකළ දෙයක් විය. බොහෝ විට අධික මිලක් ගෙන ඇත්තේ ගොවියාගෙන් වී කිලෝවක් රුපියල් 100 -110ක් පමණ ගණනකට මිලට ගත් තත්ත්වයක් යටතේය. ඉන්ධන මිල ඉහළ යෑම් ආදියේ යම් බලපෑමක් තිබුණ ද මෙතරම් ඉහළ මිලක් පාරිභෝගිකයාගෙන් අය කිරීම අසාධාරණ බව සමාජ විශ්ලේෂකයන්ගෙන් ඇසේ. එසේම, මෙරට අයෙක් මසකට සහල් 10kg පමණ පරිභෝජනය කරයි. ඒ අනුව වසරකට මෙට්‍රික් ටොන් 24ක් පමණ අවශ්‍යය. එසේම, මාසික ආදායමෙන් පුද්ගලයකු 35%ක් පමණ ආහාරපාන වෙනුවෙන් වැය කරයි. වතුකරයේ හා ග්‍රාමීය ප්‍රදේශවල එය 50%ක් තරම් ඉහළ අගයක් ගන්නා බව පර්යේෂකයෝ පෙන්වා දෙති. වැඩි පිරිසක් මුළු මාසික ආදායමෙන් 13.7%ක් පමණ සහල් මිල දී ගැනීමට වැය වන බව ද හෙළි වී ඇත.
එසේම, වී අලෙවි මණ්ඩලය ඉහළ මිලකට වී මිල දී ගැනීම ඇරඹීමෙන් යම් තරමකට තරගකාරි මිලකට පෞද්ගලික අංශය ද පැමිණ සිටියි. නොඑසේ නම් තමන් තවත් අගතියට පත් වනු ඇතැයි ද ගොවීහු පෙන්වා දෙති.
වැඩිම වී අස්වැන්නක්
එපමණක් නොව, 2015 වර්ෂයෙන් පසුව මෙරට වැඩිම වී අස්වැන්නට උරුමකම් කීමට මෙරටට මේ වසර මුලදී හැකියාව ලැබිණ. ඒ අනුව රජයේ මැදිහත් වීමෙන් ඉකුත් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී ඇරඹිණි. ඒ අනුව සතොස සහ සමුපකාර සංගම්වලට වී අලෙවි මණ්ඩලයේ වී තොග රුපියල් 140ක් තරම් අඩු මිලකට අලෙවි කෙරිණි. වී සහල් බවට පෙරළා 145ක් තරම් මිලකට මහජනතාවගේ පරිභෝජනය පිණිස සහන මිලට අලෙවි කෙරිණි. වී අලෙවි මණ්ඩලයේ වැදගත්කම ඉන් මනාව වැටහේ.
ඒ කෙසේ වුවද, මේ වන විට ඇතැම් වෙළෙඳසල්වල උදෑසන දක්නට ලැබෙන මිල සවස් වන විට වෙනස් වී ඇත. අදහා ගත නොහැකි තරම් වැඩි වීමක් එකම දිනක් තුළදී වුවද දක්නට ලැබෙතැයි ජනතාව මැසිවිලි නඟති. මෙය සාධාරණ බුද්ධිමත් සමාජය බලාපොරොත්තු නොවන්නකි. මේ වසරේ මුල් මාස 5ක් පුරා ඒ කර්තව්‍යය කෙරිණි.
සැබැවින්ම, මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමට අනුව ඉන් ඉතිරි වී තොගය වන මෙට්‍රික් ටොන් 43,000 ක් පමණ සහන මිලට නැවත මහජනතාව වෙත සතොස සහ සමුපකාර සංගම් හරහා අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරයි. මේ වන විට එය ක්‍රියාත්මකය. ඊට අඩු අගයකින් ජනතාව ආර්ථික අපහසුතාවලින් පෙළෙන මේ අවස්ථාවේදී අඩු මිලට සහල් සැපයීමට රජය මැදිහත් වී ඇත.
මේ අනුව කැකුළු වී තොග වී අලෙවි මණ්ඩලීය තොග ගබඩාවලින් රුපියල් 192කට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට මෙන්ම සමුපකාර සංගම් ආදියට ද සපයා දෙයි. ඉනික්බිතිව එම තොග සහල් කිරීමෙන් පසුව ප්‍රශස්ත ලාභයක් ද ඇතිව ජනතාවට 197ක මිලට සතොස හා සමුපකාර හරහා අලෙවි කිරීමට ද කටයුතු කර තිබේ.
නාඩු වී පිළිබඳ තත්ත්වය ද එසේමය. වී අලෙවි මණ්ඩලය නාඩු වී සමුපකාර සංගම් ආදියට මේ වන විට රුපියල් 194කට සපයා දෙයි. ඒ අනුව එම සංගම්, සතොස ආයතන නාඩු රුපියල් 199කට වෙළෙඳපොළේ අලෙවි කරයි. සම්බා සහ කීරි සම්බා පරිභෝජනය බස්නාහිර පළාත තුළ ඉතා වැඩි බව පර්යේෂණාත්මකව හෙළිකර ගෙන තිබේ. ඒ අනුව සම්බා වී අලෙවි මණ්ඩලයෙන් වී වශයෙන් රුපියල් 205ට මිල දී ගන්නා සමුපකාර සංගම් ආදියෙන් මේ වන විට රුපියල් 210කට අලෙවි කෙරේ. කීරි සම්බා වී රුපියල් 200ට ද වෙළෙඳපොළේ එම සහල් 215ට පමණ අලෙවි කෙරෙන්නේත් රජය, වී අලෙවි මණ්ඩලය හරහා රජය ජනතාවට සහන සලසමිනි.
වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීම
මෙරටට වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමක් නොවුණ හොත් සහල් මිල පිළිබඳ ගැටලු, අර්බුද ඔඩුදුවනු නියතය. එතෙක් මෙතෙක් වී අලෙවි මණ්ඩලය විසින් මෙරට සහල් වෙළෙඳාම අතින් විප්ලවයක් කර තිබේ. කලක් තිස්සේ රුපියල් 38 - 41ක් මට්ටමේ පැවැති වී මිල රුපියල් 50 සීමාවටත් එපිටට ගෙන ඒමට වී අලෙවි මණ්ඩලයට හැකිව තිබේ. මේ වන විට සීමාවකින් තොරව ගොවීන් ළඟටම ගොස් වී මිලදී ගැනීමට කටයුතු කරන වී අලෙවි මණ්ඩලය සතුව නවීන ගබඩා 325ක් ඇත. මෙට්‍රික් ටොන් ලක්ෂ 3.5ක් පමණ ඉතා පහසුවෙන් එහි ගබඩා කළ හැකිය.
එමෙන්ම, ඉකුත් වසර 20ක පමණ කෘෂි ක්ෂේත්‍රයේ දත්ත විශ්ලේෂණවලට අනුව මේ වසරේ නොවැම්බරය පමණ වන තෙක් මෙරටට සහල් අර්බුදයක් පිළිබඳ හෙළි නොවේ. ඉකුත් මහ කන්නයේ අස්වැන්නෙන් 40%ක් පමණ අඩු වුව ද එය අවම වශයෙන් මෙරටට මාස 6කට පමණ සෑහේ. ඇතැමුන් මවාපාන අන්දමේ සහල් හිඟයක් මෑතකාලීනව ඇති විය නොහැකිය. ඒ හැරෙන්නට ආනයනික සහල් මෙරට තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ පවතියි. මේ බව රටතොට දෙස බැලූ විට ද පැහැදිලි වන්නේ සහල් හිඟයක් දක්නට නැති බවය. සහල් මිලෙහි ඉහළ යෑමක් පමණක් දක්නට පුළුවන.
මෙවර යල කන්නය දෙස ද විමසිලිමත්ව බැලීමේදී මෙවර වී වගාවේ අඩුවක් අනුව අස්වනු ද 40%කින් පමණ අඩු වනු ඇතැයි අනුමාන කෙරේ. එහෙත් එවැනි තත්ත්වයන්ට මින් පෙර ද මෙරට මුහුණ දී ඇත. අස්වනු එකකට එකක් තරම් අඩු වීමේ අර්බුදයකට මෙරටට 2016 - 2017 කාලයේදී ද වගා හානි නිසා මුහුණ දීමට සිදු විය. එහෙත් එවිට ද වී තොග කළමනාකරණය මඟින් මෙරටට නැඟී සිටිය හැකි විය. ඒ අනුව, ආරක්ෂිත තොග පවත්වා ගැණින. මෙරටට සහල් ටොන් 50,000 බැගින් මාසිකව ආනයනයට කටයුතු කළ හොත් ලබන වසරේදී අර්බුදයක් ඇති නොවන්නට පුළුවන. ඉන් අසාධාරණ වෙළෙඳාමට ද වැට බැඳෙනු ඇත. ඒ අනුව ලබන මස වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ ආනයනය කිරීම අවශ්‍ය වේ. ඒ කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමු කිරීම වැදගත්ය. එවිට එකවර සහල් ආනයනය කිරීමේ දුෂ්කරතාවයෙන් ද මිදෙන්නට හැකිය.
සහල් තොග සැඟවීමේ ජාවාරම
සහල් තොග සැඟවීමේ ජාවාරම දෙස බැලීමේදී එය කලින් සඳහන් කළාක් මෙන් නිරර්ථක කාර්යයක් වනු නියතය. ගබඩා කළ තොග දෙසතියකට වරක් හෝ වියළමින්, එපිට මෙපිට පෙරළමින් එවැනි තැනැත්තන්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදු වනවාට ද සැක නැත. ඛනිජ තෙල් සඟවා ගැනීම් පිළිබඳ තොරතුරු ද මෙකල අසන්නට ලැබේ. එහෙත් සහල් එසේ කළ නොහැකි බව එවැනි කූට අරමුණු ඇතිව කටයුතු කරන්නන් වටහා ගත යුතුය. උපරිම වශයෙන් දෙමසක් වුව සහල් කල් තබා ගත නොහැකිය. නූතනයේ එදා පැවැති ආකාරයේ සම්ප්‍රදායික වී එතරම් දක්නට නැත. ඒ වෙනුවට බහුල වන්නේ දෙමුහුන් වී වර්ගය. කෘමි උවදුරු ඇතුළු නොයෙක් උවදුරුවලට ද, සහල් පරණ වීමට ලක් වීමෙන් ද එම තොග ඉවත දැමීමට සිදු වේ. එසේම, අද වන විට එල්.පී ගෑස්, ඛනිජ තෙල් ආදිය සොයමින් ජනතාව ඒ ඒ අලෙවි ස්ථාන වටා අධික වශයෙන් එක්රැස් වනු පෙනේ. එම තත්ත්වය වී ගබඩා ආශ්‍රිතව ද ඇති වනු දැකීමට කිසිම ගබඩාකරුවකු කැමැති නොවනු ඇත. එමෙන්ම, යල කන්නය පිළිබඳ දැනට සමාජයේ අනියත බියක් පවතී. එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්ත අනුව සැලකිය යුතු වගා බිම් ප්‍රමාණයක වැඩ අරඹා ඇත. ගොවීන්ගේ ඉල්ලීමට අනුව ලබන මස මුලදී ඉන්දියාවෙන් යූරියා ඇතුළු රසායනික පොහොර ආනයනයට කටයුතු කරන බවට කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළු රජය සහතික වෙයි. දෙපාර්ශ්වය ඒ වගට ගිවිසුම්ගත වී ඇත.
එසේම, මෙරට කෘෂිකර්මය ආශ්‍රිත දැඩි උද්යෝගයක් මෙකල පවතියි. පාසල් මට්ටටම් සිට එහි ප්‍රබෝධයක් දක්නට ලැබේ. එය රටක් වශයෙන් විශාල ඉදිරි පිම්මකි. ලෝක ආහාර අර්බුදයක් පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව අනතුරු අඟවා ඇත. එවැනි කලක මෙරට ගත් මඟ අර්බුදවලින් මිදීම කෙරෙහි ඉතා වැදගත්ය.
එසේම, දේශීය සහල් සඳහා පාලන මිලක් ද මේ වන විට ක්‍රියාත්මකය. රජය දැඩිව එය අනුගමනය කිරීමට තීරණය කර ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු බලධාරිහු නිතර ඒ පිළිබඳ සෙවිල්ලෙන් සිටිති. මේ අනුව තොග සඟවාගෙන ඇතැයි කියන කිසිවකුට අයුතු ලාභ ලැබිය නොහැකි වනු ඇත. එසේම, සිමෙන්ති ආදී නිශ්චිත කාලයකට පමණක් භාවිතයට ගත හැකි භාණ්ඩ සඟවා තබා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනකුට ඉකුත් කාලයේදී වැඩ වැරදුණු බව ද විද්වතුන්ගේ පෙන්වා දීමකි. තවදුරටත් සහල් පිළිබඳ ද එය ඒ අයුරින්ම අනුගමනය කළහොත් එය ද පෙර සිමෙන්ති සම්බන්ධ සිද්ධියට වැඩි වෙනසක් නොවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජනතාව ආර්ථික අපහසුතාවලින් පෙළෙන මේ අවස්ථාවේදී අඩු මිලට සහල් සැපයීමට රජය මැදිහත් වී තිබීම පැසසුමට ලක් කළ යුතුය.
Lanka Newsweek © 2025