Saturday 30th of May 2026

English Tamil
Advertiesment


රාජපක්ෂලාගේ බල ලෝභය දරුණු අනතුරක පෙර නිමිත්තකි 


2022-04-24 14885

 

මහින්ද ඉල්ලා අස්විය යුතුය 

 

ගෝඨා ගැන මැතිවරණයේ දී තීරණයක් ගත හැකිය 

 

ආර්ථික අර්බුදයට මූලිකවම වග කිව යුත්තේ මහින්දය 

 

අන්තර් පාලන කැබිනට් මණ්ඩලයක් ඕනෑ 

 
 
(නවීන් දිසානායක)

 

සියලු පාර්ශවයන්ට පිළි ගත හැකි අන්තර් පාලන කැබිනට් මණ්ඩලයකට අවකාශය ලබා දී මහින්ද රාජපක්ෂ සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස් විය යුතුය. 

ජනාධිපති ජනතා මතයට ගරු නොකර බලයේ රැදී සිටීමට උත්සහ දරන අයුරක් පෙනෙන්නට තිබෙන අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ප්‍රායෝගික දුෂ්කරතාද සැලකිල්ලට ගනිමින් ඔහු පිළිබඳව ඊළඟ ජනාධිපතිවරණයේ දී හෝ මහා මැතිවරණයේදී තීරණයක් ගත යුතුය. 

රටේ අද උද්ගත වී තිබෙන තිබෙන ආර්ථික අර්බුදයට මූලිකවම මහින්ද රාජපක්ෂද වග කිව යුතු වන්නේ 2019 නොවැම්බර් මාසයේ සිට 2021 ජුලි මාසය දක්වා ඔහු ඔහුගේ කාර්ය භාරය සහ වගකීම පැහැර හැර ඇති බැවිනි. එමෙන්ම ඔහු 2005-2014 වකවානුවේ දී දිගින් දිගටම ස්වෛරී බැදුම්කර නිකුත් කරමින් ආර්ථිකය බිමටම සමතලා කළ අදක්ෂ නිලධාරීන් නැවතත් ආර්ථිකයේ මූලික සහ ප්‍රධාන තනතුරුවලට පත් කරනු ලැබීය. අප රටේ සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් 47%ක් ම ස්වෛරී බැදුම්කරය.  

එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන මේ ආණ්ඩුව කිසිදු ඉල්ලීමකින් තොරව GST බදු 15% සිට 8% දක්වා පහත හෙළමින් රාජ්‍ය ආදායම දරුණු ලෙස අඩු කරනු ලැබීය. රාජපක්ෂලා ගෙදර යා යුතු කාලය මේ වන විට එළැඹ තිබෙන බව කිව යුතුය. ඔවුන්ගේ බල ලෝභය දරුණු අනතුරක මුලය. එමෙන්ම බලයේ රැදී සිටීමට තරම් මානසික ශක්තියක් රාජපක්ෂලාට ඇතැයි මම නොසිතමි. 

Advertiesment