
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධානේම පක්ෂයේ මන්ත්‍රීවරු අත්අඩංගුවට පත් වීමේ අවදානමකට මුහුණ පා සිටිති.
මෙම අවදානම මතුව තිබෙන්නේ, සෞඛ්‍ය සහ නිරෝධායන නීති රීති කඩ කරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කර ඇති ප්‍රකාශයත් සමගය.
මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර කරුණු සොයා බලා ගෙන යන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා තරයේ ප්‍රකාශ කර ඇත.
"සාප ලත් ආණ්ඩුවට එරෙහිව ජනතා බලය" යන තේමාව යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය මගින් සංවිධානය කෙරුණු පෙළපාළිය සහ උද්ඝෝෂණ ව්‍යාපාරය අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී අඟහරුවාදා (17) පැවැත් විණ
Lanka Newsweek © 2026