ආණ්ඩුව මේ වනවිටත් ජනවරම පාවාදී ඇතැයිද, මේ ව්‍යසනකාරී ගමන ආපසු හැරවිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සෙනසුරාදා (29) හිරියාල ඉබ්බාගමුව නගරයේ පැවති ගොවි උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.
විරෝධතාවයට පෙර හිරියාල කුඹුක්ගැටේ අහුගොඩ පිහිටි සර් ජෝන් කොතලාවල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ විපක්ෂ නායකතුමා අනතුරුව විරෝධතාවයට එක්විය. එදා ශ්‍රීමත් ජෝන් කොතලාවලයන් මේ රටේ ගොවිජනතාව නැංවීම උදෙසා විශාල මෙහෙවරක් සිදුකළ බවත් හිරියාල ඇතුලු ප්‍රදේශවල ගොවිජනපද ඇතිකිරීමට එතුමා කැපවූ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
එම උද්ඝෝෂණය හිරියාල සංවිධායක විපුල ගුණරත්න මහතා විසින් සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ජේ සී අලවතුවල, නලින් බණ්ඩාර,තුෂාර ඉඳුනිල් ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
Lanka Newsweek © 2026