රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව කාගේත් ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අඟහරුවාදා(26) අගුනකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට පැමිණි විපක්ෂ නායකතුමා ඉන් අනතුරුව මාධ්‍ය අමතා මේ බව පැවසීය.
රංජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්,අල්ලස් චෝදනාවක්, මහජන දේපල සොරකම් කළ චෝදනාවක් එල්ල වෙලා නෑ .ඔහු තමන් ළඟ ඇති දේ පවා මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ මානවවාදියෙක්. ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින උවමනාවක් රංජන් රාමනායක මහතාට තිබුණා. බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී රංජන් රාමනායක මහතා දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආවා.
රංජන් රාමනායක මහතා උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරනවා. එතුමාට ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම මානුෂිකත්වයේ නාමයෙන් කළ යුතු දෙයක්.සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක මහතා වෙනුවෙන් මැදිහත් වන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන්ද ඉල්ලා සිටිනවා.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් මා කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළා. එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනම් තීන්දුවක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා.
Lanka Newsweek © 2026