ආණ්ඩුවේ රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම හේතුවෙන් ශාක සහ සත්ත්ව ජාන සංහාරයක් සිදු කළ උඩරට කැරැල්ලට වඩා වැඩි විනාශයක් උඩරට ආහාර වගාවට සිදු වෙමින් පවතියි. ඔක්තෝබර් කන්නයේ වැසි ආරම්භ වීමත් සමඟම උඩරට බෝංචි, ගෝවා සහ කැරට් ඇතුළු සියලුම එළවළු වර්ග දිලීර රෝග හේතුවෙන් විනාශයට පත් වෙමින් ඇත.
ඔක්තෝබර් වැසි සමයේ මීදුම සහ දවසේ වැඩි කාලයක් දැඩි තෙතමනය සහිත තත්ත්වය හේතුවෙන් දිලීර රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් තිබේ. වැලිමඩ රත්කරව්ව, බොරලන්ද, උඩුබාදන සහ ගවරම්මාන ප්‍රදේශවල බෝංචි වගාව දිලීර නාශක නොමැති කමින් විනාශ වී ඇති අයුරු මේ සමඟ ඇති ඡායාරූපවලින් දැක්වේ.
1818 උඩරට කැරැල්ලේ දී සුද්දෝ ගෙඩි හැදෙන සියලුම ගහ කොළ විනාශ කළා. ඒ වගේම ආණ්ඩුවේ කෘෂි රසායන තහනම හේතුවෙන් උඩරට සියලු කෘෂි වගා බිම් විනාශ වෙනවා. කෘමි නාශක නැතිව ගෝවා, බටු, මාළු මිරිස් සහ බෝංචි වගාව විනාශ වෙනවා. දිලීර නාශක නොමැතිව බෝංචි, කැරට්, සලාද, අර්තාපල් සහ විසිතුරු මල් යායවල් පිටින් විනාශ වෙනවා. දියරය පොහොර සහ පෝෂණ ද්‍රව්‍ය නොමැතිව ග්‍රීන් හවුස්, විනාශ වෙනවා. සත්ත්ව සහ ශාක ජාන සංහාරයක් කළ උඩරට කැරැල්ලට වඩා වැඩි විනාශයක් ආණ්ඩුවේ මේ රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම නිසා සිදු වෙනවා.
රජයේ කාබනික වගා සංකල්පය යටතේ මිනිසාට හිතකර සහ අහිතකර සියලුම කෘෂි රසායන තහනම් කර ඇත. කොපු අංගමාරය, කොළ පාළුව, දුඹුරු පුල්ලි රෝගය, පුස් වර්ග සහ මැලියම් වෑස්සීම අතුළු කිසිදු රෝගයක් පාලනයට අවශ්‍ය දිලීර නාශක විවෘත වෙළෙඳ පොළේ නැහැ. ඉන්දියාවෙන් බෝට්ටු මගින් ගෙන් වන දිලීර නාශක වර්ග කළු කඩයේ වෙළෙඳ පොළ මිලට වඩා සිව් ගුණයකට විකුණනු ලබනවා. රුපියල් දෙදෙහස් පන්සීයට තිබු බෝංචි කරල්වල පුල්ලි මර්දන දිලීර නාශක රුපියල් හත්දහස් අටසීයක් වනවා. ඒවායේ මිල දරා ගත නොහැකි බැවින් ගොවීන් දිලීර නාශක යෙදීමෙන් වැළකී සිටිනවා.
දිලීර රෝග හේතුවෙන් දින දෙක තුනකදී සම්පූර්ණයෙන්ම වගා බිම් විනාශයට පත් වේ. අස්වැන්න අහිමිවී යයි. දිලීර ආසාදනය වූ එළවළු සහ පළතුරු වර්ග ඉක්මනින් කුණු වී යන අතර පාරිභෝගිකයින් මිලදී ගැනීමට අකමැත්තක් දක්වයි. වැලිමඩ බෝංචි වගාවේ 50% ට වැඩි අස්වැන්නක් වගා බිමේම විනාශ වේ. ඇස පිනවන වර්ණවත් උඩරට එළවළු මේ වන විට වෙළද පොළේ නොමැත.
ගොවීහූ අර්තාපල් වැනි ඉහළ පිරිවැයක් දරා සිදු කළ යුතු වගාවන්ගෙන් ඉවත් වෙති. කිසිදු චාරයක්, විචාරයක් හෝ විකල්පයක් නොමැති කෘෂි රසායන තහනම උඩරට කැරැල්ලටත් වඩා වැඩි විනාශයක් උඩරට වගාවට සිදු කරයි. එමනිසා ඔක්තෝබර් වගා කන්නයට ඇරඹීමට අවශ්‍ය ප්‍රමිතියක් සහිත කෘෂි රසායන විවෘත වෙළෙඳ පොළේ අලෙවියට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
Lanka Newsweek © 2024