ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තුන්වැනි සහ අවසන් T20 ක්‍රිකට් තරගය අද(14) රාත්‍රි 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.දෙරට අතර, තරග 3 කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කර මේ වන විටත් ඉදිරියෙන් පසුවෙයි.
පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම අද තරඟයට පිවිසෙන අතර ශ්‍රී ලංකාව අන්ත පරාජයකින් බේරීමට කෙසේ හෝ තරඟය ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ.
පසුගිය කාල වකවානුව පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ දුර්වලතාව බොහෝ තරඟ පරාජයට හේතු විය. එමෙන්ම දඟ පන්දු යවන්නන්ගේ පන්දු නිවැරදි ආකාරයෙන් හඳුනාගැනීමේ නොහැකියාවද බොහෝ විට ඉස්මතු වී පෙනුනි.
තරඟය පුරාවට පවතින නිලකුණු පන්දු(Dot Balls) ප්‍රමාණය වැඩි වීමටද දඟ පන්දු හඳුනා ගැනීමේ නොහැකියාව හේතු වී ඇත. ඊට ප්රතිපක්ෂව දකුණු අප්‍රිකානුවන් අවසන් එක්දින තරඟයේදී මහීෂ් තීක්ෂණ ගේ පන්දු වලට කඩුලු ලබා දුන්නත් T20 තරඟාවලියේදී ඔහුගේ පන්දු හොඳින් හඳුනා ගනිමින් ප්‍රබල ප්‍රහාරයක් ඔහුට එරෙහිව දියත් කර ඇත.
කෙසේ වෙතත් තුන්වන T20 තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් සැම දෙනාගේ අපේක්ෂාවයි.
Lanka Newsweek © 2024