
ප්‍රවීන කලාකරු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.
බරපතළ අපරාධමය වැරදි වෙනුවෙන් අධිකරණය මගින් බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලබා දුන් පුද්ගලයින් කිහිප දෙනෙකුම ජනාධිපති සමාව යටතේ මේ වන විටත් නිදහස ලබා සිටින තත්ත්වය හමුවේ, ඒ තරම් බරපතළ නොවන චෝදනාවකට රංජන් රාමනායක මහතා සිර අඩස්සියේ මෙලෙස දුක් විඳීම අතිශය අවාසනාවන්ත සහ කණගාටුදායක තත්ත්වයක් වන බව ද එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව මේ වන විට මාස අටකට ආසන්න කාලයක් මුළුල්ලේ සිර ගතව දුක් පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට කාරුණික වන වන ලෙස හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

Lanka Newsweek © 2026