Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ඉන්දියාවේ නීපා වෛරසය ව්‍යාප්තවීම ඇරඹේ..!


2021-09-09 14331

 

(හේමන්ත තුසිත කුමාර)

 

නීපා වෛරසය වැළඳීමෙන් වයස අවුරුදු 12 ක පිරිමි ළමයෙකුගේ ජීවිතය අහිමි වීමෙන් පසු තවත් වෛරසයක් බෝ වීම වළක්වා ගැනීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍යය නිලධාරීහු සටන් වදිමින් සිටිති.

ඉන්දියාවේ දකුණු කේරල ප්‍රාන්තයේ මෑතකදී ව්‍යාප්තව ගිය නීපා වෛරසය, මිනිසාගෙන් මිනිසාට හෝ ආසාදිත සතුන් හරහා බෝ වීම සිදු විය  හැකිය. එමෙන්ම පසුගිය සති අන්තයේ වැඩි නිපා ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි විය.

එම පිරිමි ළමයාගේ මරණයෙන් පසුව, ඔහුගේ ආශ්‍රිතයින් සියලු දෙනා සොයා ගැනීමට ඉන්දීය බලධාරීන් පියවර ගත් අතර, මේ වන විට පුද්ගලයින් 188 දෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි හඳුනාගෙන ඇත.ඔවුන්ගෙන් 20 දෙනෙකු පමණ දැඩි අවදානම් ලෙස සැලකෙන අතර ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මේ වන විටත් දැඩි නිරෝධායනයකට යටත්ව හෝ රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටී.

මිය ගිය පිරිමි ළමයා රැකබලා ගත් සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකු ද දැන් නීපා රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, ඉන්දීය බලධාරීන් පිරිමි ළමයාගේ නිවස වටා සැතපුම් දෙකක දුරක් මුද්‍රා තබා තිබේ.

නීපා වෛරසය බෝ වන්නේ ප්‍රධාන වශයෙන් පලතුරු අනුභව කරන වවුලන්ගෙනි. 1999 දී මැලේසියාවේදී මුලින්ම සොයා ගත් නීපා වෛරසය දින තුනක් සිට සති දෙකක් දක්වා පැවතිය හැකි උණ සහ හිසරදය ඇතුළු රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ඔවුන් පවසන්නේ ආසාදිත පුද්ගලයින්ට උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව ඇතුළු රෝග ලක්‍ෂණ ඇති වන බවයි.එමෙන්ම  හිසරදය, නිදිබර ගතිය,සහිතව  උග්‍ර එන්සෙෆලයිටිස් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන ස්නායු රෝග තත්ත්වයන්ද ඇති විය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් වෛරසය තරම්  නීපා වෛරසය සීග්‍රයෙන් බෝ නොවන බවයි, නමුත් මරණ අනුපාතය 40% ත් 75% ත් අතර බව ගණන් බලා ඇත (කොවිඩ් සඳහා 2% ට සාපේක්ෂව).

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පැවසුවේ නීපා වෛරසය සඳහා නිශ්චිත ඖෂධ හෝ එන්නත් දැනට නොමැති බවයි.කෙන්චුකි විශ්ව විද්‍යාලයේ අණුක හා සෛලීය ජෛව රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිනි ආචාර්ය රෙබෙකා ඩච් පැවසුවේ ඉදිරියේ දී නීපා වෛරසය ලෝකයේ වැඩි වශයෙන් දැකීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි.

 

 

 

 

 

 

Advertiesment