Friday 26th of April 2024

English Tamil
Advertiesment


දිනේෂ් ප්‍රියන්තගෙන් පැරාලිම්පික් ලෝක වාර්තාවක්..!


2021-08-30 7760

 


(හේමන්ත තුසිත කුමාර)

 

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම හිමිකර ගැනීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳුදා(30) සමත්වී තිබුණි. ඒ එම ඉසව්වේ නව ලෝක වාර්තාව ද තමන් සතුකර ගනිමිනි.

ඒ අනුව ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ 6 වන දිනය වු අද F46 කාණ්ඩයේ  පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට දිනේෂ් ප්‍රියන්ත හේරත් සහභාගී වෙමින් පළමු උත්සහයේදී මීටර 62.58ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.දිනේෂ්ගේ දෙවන උත්සහය මීටර 62.19ක්  වූ අතර තුන්වන උත්සහය ලෝක වාර්තාව ද  අභිබවා යමින් මීටර් 67.79ක දක්ෂතාවයක් දක්වන ලදී.

මෙරට ඉතිහාසයේ පැරාලිම්පික් උළෙලක රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වෙයි.දිනේෂ් ප්‍රියන්තට සුභ පතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ,ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ   සිය ට්විටර් ගිණුම්වල  සටහන් තබා තිබේ.

 

 

Advertiesment