හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පැවරූ නඩු 8 ක චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිකුරාදා(30) නියෝග කළේ ය.
කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ සැකකරුට එරෙහිව නඩු පවරා ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත අවසරයක් නොමැතිව බවය. එබැවින් නඩු කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතු වී ඇති බවට අධිකරණයට පෙන්වා දුන්නේ ය.
ඉන් පසුව එකී චෝදනාවලින් මුදා හරින ලෙසට සරණ ගුණවර්ධණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලී ය. ඒ අනුව අපරාධ නඩු විදාන සංග්‍රහයේ 186 වැනි වගන්තිය අනුව සැකකරු මුදාහරින බවට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
Lanka Newsweek © 2026