Saturday 20th of June 2026

English Tamil
Advertiesment


තෙල් මිලට එරෙහිව දැවැන්ත උද්ගෝෂණයක්


2021-07-19 15277

 

(හේමන්ත තුසිත කුමාර)

 

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් සඳුදා(19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර රජය විසින් තෙල් මිල ඉහල දැමීමට විරුද්ධව එය සංවිධානය කර තිබුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උද්ඝෝෂණයට විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.  වැඩි කරන ලද තෙල් මිල පහත දමන ලෙස උද්ගෝෂණය කල පිරිස එහිදී ඉල්ලා සිටියහ.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

"මුළු රටම අනාථ කරපු මේ රජය ජන බලයෙන්, ජන සවියෙන් ගෙදර යැවීමේ ගමනයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. එහි පළමු පියවර හැටියට අපි ලිට්මස් ටෙස්ට් එකක් කරනවා. හරියටම හෙට දවස අවසන් වෙද්දි දැනගන්න පුළුවන් දේශප්‍රේමියා කවුද දේශද්‍රෝහියා කවුද කියන කාරණාව. ගම්මන්පිල ඇමතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවලා ආණ්ඩුව ගෙදර යැවීමේ ප්‍රධානතම පියවර ඉදිරියට තබමු."

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment