Thursday 18th of June 2026

English Tamil
Advertiesment


කොතලාවල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක්..!


2021-07-13 15881

 

(හේමන්ත තුසිත කුමාර)

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා(13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක් බවයි. එකී නිවේදනයේ ඒ මහතා මෙසේ අදහස් දක්වා ඇත.

"මෙරට ජාතික ආරක්ෂාව සුරැකීම සහ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය උසස් අධ්‍යාපනය ලබා දීම පිණිස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වඩාත් ශක්තිමත් කිරීම අපි මුළුමනින්ම අනුමත කරමු.එය ජාතික අවශ්‍යතාවක් වශයෙන්ද සලකමු.

එනමුත් ආරක්ෂක විශ්ව විද්‍යාලය නිර්මාණය කිරීමේ මූලික රාමුවෙන් බැහැරව යමින් පවතින නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමත් උසස් අධ්‍යාපන ව්‍යුහයෙන් බැහැරව ආයතන පිහිටුවීමත් අපි දැඩි සේ හෙළා දකිමු.

ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යන මෙම ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, ප්‍රමිතිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි ආධිපත්‍යය මුළුමනින්ම අහෝසි වන අතර නිදහස් අධ්‍යාපනය ඉතා දැඩි අර්බුදයකට ලක් වෙයි.

එමෙන්ම ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියෙන් විශ්ව විද්‍යාල පද්ධතියේ බුද්ධිමය නිදහස හා ස්වාධීනත්වය තර්ජනයට ලක් වන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පාලනයෙන් බැහැර වූ උසස් අධ්‍යාපන ආයතන නිර්මාණය වෙයි. එමනිසා නිදහස් අධ්‍යාපනය හා එහි උරුමකරුවන් ගේ නිදහසේ සහ අරගලයන්ගේ නාමයෙන් යෝජිත පනත පරාජය කිරීමට අපි කටයුතු කරමු".

 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment