Thursday 18th of June 2026

English Tamil
Advertiesment


වජිර සිරිකොතට දෙහි කපලා 


2021-02-06 15735

මාතර යකැදුරන් ගෙන්වා ලොකු යාතු කර්මයක් කරලා 

 

විශේෂ ආරක්ෂාවන් "සිරිකොත" පුරා වළලලා 

 

එජාපයයි-රනිල්වයි ආරක්ෂා කර ගන්නලු  

 

 

එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බව කියන සියලු අපල උපද්‍රව අනවින, කොඩිවින, නීච බන්ධන සේම දෝෂ දුරු කොට ආරක්ෂා කර ගැනීමේ අරමුණින් "සිරිකොත" පක්ෂ මුලස්ථානයේ දෙහි කපා විශාල යාතු කර්මයක් සිදු කර තිබේ. 

සුප්‍රසිද්ධ මාතර යකැදුරන් කණ්ඩායමක් යොදවා, 2021 ජනවාරි මස 23 වැනිදා රාත්‍රී පහන් වන තුරු දෙහි කැපීම ඇතුළු මේ විශේෂ යාතු කර්මය සිදු කරවා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අභිනව සභාපති වජිර අබේවර්ධන මහතා වන අතර ඔහු එසේ කර තිබෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ද උපදෙස් ඇතිවය.

යකැදුරන් කණ්ඩායම කැටුව එදින සවස "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ ඇති එම පක්ෂයේ අභිනව සභාපති වජිර අබේවර්ධන මහතාගේ පුත්‍රයා යාතු කර්මයට අදාළ සියලු කටයුතු මෙහෙයවා ඇති අතර එම යාතු කර්මය එදින රැය පහන් වන තුරුම පැවති බව "සිරිකොත" ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසිය.

"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය පිහිටි ඉඩමෙහි සිව් කොනට ද, නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාල කාමරය ඇතුළු සෑම කාර්යාල කාමරයකටම ද දෙහි කපා එම භුමියේ සහ මූලස්ථාන ගොඩනැගිල්ලේ විවිධ ස්ථානවල ජිවාම් කළ යම් ආරක්ෂක ද්‍රව්‍ය වැළලූ බව ද ඔහු හෙළි කර සිටියේය.

පසු දා උදෑසන "සිරිකොත" සේවක සේවිකාවන් සිය සේවයට වාර්ථා කරන විට, දෙහි ගෙඩි ඇතුළු යාතු කාර්ම සඳහා ගන්නා විවිධ ද්‍රව්‍ය එම මූලස්ථාන ගොඩනැගිල්ලේ සහ ඉඩමෙහි විසිරී තිබූ අතර ඒ හේතුවෙන් එම සේවක සේවිකාවන් බියට පත්ව එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන තත්ත්වයක් උදා වූ බව ද එම ජෙය්ෂ්ඨ ප්‍රකාශකයා "lankanewsweek" සමග වැඩි දුරටත් සඳහන් කළේය.

       

    

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment