Friday 26th of April 2024

English Tamil
Advertiesment


පාඨලීගේ කුමන්ත්‍රණය ෆිල්ඩ් මාර්ෂල් හෙළි කරයි


2021-01-05 7766

මුහුණටම බැණ වදියි-පාඨලී නැඟිට යයි

 

'"සජිත්ට තර්ජනය කර අපේක්ෂකත්වය කොල්ල කන්න හදනවා"

 

"නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ පුරවැසියන් එක් විය යුත්තේ එජාපය හෝ සමගි බලය සමග විනා හෙළ උරුමය එක්ක නොවෙයි"

 

(සුජිත් මංගල ද සිල්වා)

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට තර්ජනය කරමින් 2024 ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් ලබා ගැනීමේ කුමන්ත්‍රණයක පාඨලී චම්පික රණවක මහතා යෙදී සිටින්නේ යැයි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කර සිටියි.

"43 වැනි සේනාංකය "අටවා ගෙන පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයට පරිබාහිරව පුද්ගයන්, කණ්ඩායම් සහ සිවිල් සංවිධාන එකට ඒකරාශි කරමින් සිටින්නේ ඒ නිසා යැයි ද සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියි. 

පාඨලී චම්පික මහතාගේ මුහුණටම මෙම චෝදනාව එල්ල කරමින් ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සඳුදා (04) සවස පැවැති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ය. සිවිල් සංවිධානවලට මේ මොහොත වන විට රටේ - ජන සමාජයේ කිසිදු බලයක් නොමැති බව මෙහි දී පෙන්වා දී ඇති සරත් ෆොන්සේකා මහතා යහ පාලන ආණ්ඩුව විනාශ කළේ මෙම සිවිල් සංවිධාන බවට ද චෝදනා කර සිටියේ ය. 

ඒ ඒ බලවේග එකට ඒකරාශි කිරීම ඇතුළු සියලු දේශපාලන වැඩ කටයුතු සමගි ජන බලවේගයේ අනන්‍යතාව ආරක්ෂා වන අයුරින් එම පක්ෂය යටතේ සිදු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පාඨලී චම්පික රණවක මහතාට අවවාද කරමින් කියා සිටි අතර, ඒ කිසිවක් පිළි නොගත් පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම වර්ජනය කොට එම රැස්වීමෙන් නැඟිට ගොස් තිබේ. 

පාඨලී චම්පික රණවක මහතාගේ "43 වැනි සේනාංකය" සම්බන්ධයෙන් "lanka news week"වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කියා සිටියේ 1943 න් පසුව නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ සමාජ-දේශපාන බලවේග උගත්, බුද්ධිමත් සහ වග කිව යුතු පුරවැසියන් එකට ඒකරාශි විය යුත්තේ නිදහස් අධ්‍යාපනය රටට-දැයට දායාද කළ එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග විනා පාඨලී චම්පික රණවකගේ "43 වැනි සේනාංකය" හෝ ජාතික හෙළ උරුමය සමග නොවන බව ය.

Advertiesment