Friday 26th of April 2024

English Tamil
Advertiesment


රංජිත්ගේ අනියම් පෙම්වතිය සජිත් වැනසූ හැටි


2020-10-24 7777

අසාද් සාලි සියල්ල වමාරයි 

 

ජලනි නිසා සජිත් දේශපාලන අනාථයෙකු වෙලා 

 

ජාතික ලැයිස්තුව හැදුවේ ජලනි-රංජිත්-ඉමිටියාස්-ලක්ෂ්මන් 

 

"කුස්සියේ සිටිය යුතු ගෑනු දේශපාලනයට ගෙනාවාම මෙහෙම වෙනවා"

 

සජිත්ගේ මුහුණටම අසාද් කිව්ව කතාව 

 

 
(සුජිත් මංගල ද සිල්වා)


සිය ස්වාමියාට උදව් උපකාර කරමින් ගෙදර දොරේ වැඩක් බලා කියා ගෙන කුස්සියේ සිටිය යුතු බිරිය ජාතික දේශපාලනයේ ඉදිරි පෙළට ගෙන සියලු දේශපාලන තීන්දු තීරණ ගැනීමේ සහ සියල්ල මෙහෙය වීමේ බලය ඇයට පවරමින් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන අනාථයෙකු වී ඇතැයි ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි මහතා චෝදනා කර සිටියි.

මේ රටේ කිසිම නායකයෙකු සජිත් ප්‍රේමදාස මහතා වගේ සිය බිරිය දේශපාලන කරළියට ගැනීමෙන් වැළකී සිටියා පමණක් නොව ඒ ඒ නායකයින්ගේ ඒ ඒ කිසිම භාර්යාවක් සිය සැමියාගේ දේශපාලනයට ඇඟිලි නොගැසූ අතර ඒ අනුව බලන විට සජිත් ප්‍රේමදාස මහතා ඇත්තටම දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා ද යන ප්‍රශ්නය මතු වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහා ලේකම් ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් ආණ්ඩුවට සහය පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

මේ අතර සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අනියම් බිරිය යැයි කියන එම පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් ඩයනා ගමගේ මහත්මිය දේශපාලනික වශයෙන් කළ අපරාධයේ සහ මහා පාවා දීමේ තරම තේරුණා දැයි අසාද් සාලි මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසනු ලැබ තිබේ.

ඒ කතාව සත්‍යයක් දැයි "lankanewsweek" අසාද් සාලි මහතාගෙන් විමසු අවස්ථාවේ දී, ඒ බව 100%ක් තහවුරු කර සිටී ඔහු ඩයනා ගමගේ කියන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ "Sweet Heart" යැයි ද, ජාතික ලැයිස්තුවෙන් ඇය නියත ලෙසම පාර්ලිමේන්තු යැවිය යුතු බවට පරසක්වළ ගසමින් කියා සිටියේ ඔහු යැයි ද සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සකස් කළේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නොව ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, ඉමිටියාස් බාකීර් මාකර් සහ ලක්ෂ්මන් ෆොන්සේකා යන සිව් කට්ටුව බව ද හෙළි කළ අසාද් සාලි මහතා එම කණ්ඩායම තමාගේ නම ජාතික ලැයිස්තුවෙන් කපා හැර තිබූ බව ද කියා සිටියේය.

කෙසේ නමුත් ජාතික ලැයිස්තුවෙන් තමාව නියත ලෙසම පාර්ලිමේන්තුවට යවන බවට සජිත් ප්‍රේමදාස මහතා වාචිකව සහ ලිඛිතව තමාට පොරොන්දු බව පෙන්වා දුන් අසාද් සාලි මහතා, ඒ පොරොන්දුව ලබා දෙමින් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන තමා යමක් කිව්වොත් ඒ කිව්ව දේ බෙල්ල ගහල ගියත් කරන බව කියා සිටියේය යැයි ද සඳහන් කළේය. 

තමාට ලබා දුන් වාචික සහ ලිඛිත පොරොන්දු උල්ලංඝනය කරමින් තමාට කළ අසාධාරණයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට එරෙහිව නීතිමය පියවර ගන්නේ යැයි, ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ වන විටත් එන්තරවාසි යවා ඇති බව ද අසාද් සාලි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කරනු ලැබ ඇති එම එන්තරවාසිය මෙසේය.

-මගේ සේවාදායකයාගේ උපදෙස්-

"මගේ සේවා දායකයා දශක හතරකට  ආසන්න කාලයක් දේශපාලනයේ නියැලි සිටි බවට මට උපදෙස් දී ඇත, මගේ සේවාදායකයා ජාතික සමගි පෙරමුනේ නායකයාය.,1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරන පනත යටතේ සහ නිසි පරිදි ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂයකි.

ඔහු කොළඹ මහනගර සභාවේ සාමාජිකයෙකු ලෙස සහ නියෝජ්‍ය නගරාධිපති වරයෙකු ලෙස සැලකිය යුතු කාලයක් සේවය කර ඇත. මගේ සේවාදායකයා 2013 සිට 2015 දක්වා මධ්‍යම පලාත්සභාවේ සාමාජිකයෙකු ලෙසද සේවය කලේය, මගේ සේවාදායකයා බස්නාහිර පලාත් භාර ආන්ඩු කාරවරයෙකු ලෙසද සේවය කර ඇත.
          
මගේ සේවාදායකයා 2020 දිවයින පුරා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරනයට තරග කිරීමට තීරනය කල බවත්,ජාතික සමගිය  යුක්තිය  සහ නිදහස සදහා සහයෝගය ලබාදෙන ජනතාව අතර විවිධ අදහස් නියෝජනය කිරීම සදහා අනෙකුත් කුඩා දේශපාලන පක්ෂ සමග සන්ධානයක් ඇතිකිරීමට අදහස් කරන බවට මාහට උපදෙස් ලබා දී ඇත.

මෙම  කාලය තුල එනම් නාම යෝජනා අවසන් වීමට සති දෙකකට පමන පෙර කෝට්ටේ පාර,පිටකෝට්ටේ  පිහිටි ජාතික සමගි ජනබල වේගයේ  පූධාන කාර්යාලයේ පිහිටි ඔබගේ කාර්යාලයට සාකච්ඡාවකට පැමිනෙන ලෙස මගේ සේවාදායකයාට දකුනු පලාත් ආන්ඩුකාර  කීර්ති තෙන්නකෝන් මහතා අත ආරාධනාවක් එවු බවට මාහට උපදෙස් දී ඇත,
   
 එම සාකච්ඡාවෙිදි ඔබ මගේ සේවාදායකයාගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ දේශපාලන පක්ෂය යටතේ හෝ වෙනත් දේශපාලන  පක්ෂ සමග සන්ධානගතව මැතිවරනයට ඉදිරිපත් නොවන ලෙසත්,ජනාධිපතිවරනයේදිත්   මා  ජයග්‍රහණය කරවීම  වෙනුවෙන් කැප වී, මට  ලබා දුන් සහයෝගය ⁣ඒ අයුරින්ම මෙම මැතිවරනයේදිත් මාසමග වැඩ කරන ලෙසත්, සමගිජන බලවේගයට සහාය ලබා දෙන ලෙසත්,කොළඞ සහ රටේ අනෙකුත් පූදේශවල සමගිජනබල වේගයේ සියලුම  පූධාන රැස්වීම් ඇමතීමට භාර ගන්නා ලෙසත්ය.මගේ සේවාදායකයා දේශපාලන වැඩපිලිවෙල සමග එකග වූ නිසාත්,එය රටේ යහපත උදෙසා යැයි හැගෙන නිසාත් එසේ කිරීමට එකග විය.
                 
එම සාකච්ඡාවේදි ඔබ මගේ සේවාදායකයාව ස.ජ.බ ජාතික  ලැයිස්තුවට ඇතුලත් කරන බවටත්,එය මගේ වගකීමක් සහ නියත වශයෙන්ම ඔහු පාර්ලිමේන්තුවට නම් කරන බවටත් පොරොන්දුවක් දුන් බවට මා හට උපදෙස් දී ඇත.ඔබදුන් පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මගේ සේවාදායකයා ඔබගේ ඉල්ලීමට එකග වු අතර ඔබේ පොරොන්දුව ලිඛිතව ඉල්ලා සිටියේය. 
මගේ සේවා දායකයාට 2015 යු.ඇන්.පි ජාතික ලැයිස්තුවේ ස්ථානයක් ලබාදෙන බවට පොරොන්දු වු නමුත් එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් එය පාවාදෙනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ එවකට ලේඛම් කබීර් හෂීම් මහතා ලිඛිතව ලබා දිමට කටයුතු සලසා තිබියදීත් ඔබ (මගේ සේවාදායකයා) එක්වරක් නොව තුන්වතාවක් රනිල් විකූුමසිංහ මහතා විසින්  ඔබව  අධෛර්යයට පත් කල බවත්, මම සජිත් පේුමදාස, රනසිංහ පෙු්මදාසගේ පුතා ඔබ කරදර වියයුතු නැහැ ඔබව පාර්ලිමේන්තු ගෙනයාම මගේ වගකීමකි යනුවෙන් ඔබ පූකාශ කර ඇත.

මගේ සේවාදායකයා ඔබේ වචනය    විස්වාස කර  මහමැතිවරනයට තරග කිරීමට ඔහුගේ සූදානම් වීමේ විධිවිධාන අත්හැර දමා ඔබත් සමග ඔබගේ පක්ෂය වෙනුවෙන් වැඩ කිරීමට තීරනය කලේය. ඔහු   කොළඞ හා රට පුරාම දේශපාලන රැස්වීම්  අමතමින් ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන්  කැප වුනේය.මගේ සේවාදායකයා සදහන් කරන්නේ සමගි ජනබල වේගයට ජාතික ලැයිස්තුවේ ජාතික ස්ථාන 7ක් ලබා දී ඇති අතර ,පාර්ලිමේන්තු නාමයෝජනා ලබා දෙන ලෙසට ඔහු අමතා  ඔබ දැනුම් දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවයි.

එදාසිට ඔබෙන් දුරකතන ඇමතුමක් නොලැබුන අතර,ඔහුගේ නම සදහන් නොවුන සමගිජන බලවේගයේ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන්ගේ  නම් ලැයිස්තුවක් සමාජමාධ්‍යයෙහි පලවු බව දැනගත් වහාම මගේ සේවාදායකයා ඔබගේ කාර්යාලයට කීර්ති තෙනතෙන්නකෝන් මහතා සමග පෞද්ගලික අමතා ජාතික ලැයිස්තුවට ඔහුගේ නම සදහන් කිරිම පිලිබදව ඔබෙන් වීමසීය,ඔබ මගේ     සේවාදායකයාට පොරොන්දුවක් දී ඇති බව ඔබ පිලිගත් අතර නිසැකවම එම පොරොන්දුව ඉටුකර ඔහුව ජාතික ලැයිස්තුවට නම් කරන බවට සදහන් කර ඇත,
මගේ සේවාදායකයා ඔබව සම්පුර්ණයෙන්ම විශ්වාස කල අතර ඔබ ඔබේ කාර්යය සහ පොරොන්දුව ඉටු කරනු ඇතැයි යන බලාපොරොත්තු ඇතිව ඔබේ කාර්යාලයෙන් පිටව ගියේය.
  
සමගිජන බලවේගය විසින් මැතිවරන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ලැයිස්තුව නිකුත් කලවිට පෙනීගියේ ඔබ පොරොන්දු වූ පරිදි  එම ලැයිස්තුවේ මගේ සේවාදායකයාගේ නම අඩංගු නොවී  තීබීමය  සහ ඒ ගැන පුදුමයටද පත්විය, මගේ සේවාදායකයාට හැගෙන්නේ  ඔබ  ඔහුව දැඩිලෙස අධෛර්යට පත්කිරීමත්, හිතාමතාම ඔබ දුන් පොරොන්දුව උල්ලගන⁣ය කිරීමත් සහ සමගිජන ⁣බලවේගයේ ජාතික ලැයිස්තුවට   නීත්‍යානුකූල ඇතුලත් කිරීමේ අපේක්ෂාව ඔහුට අහිමි කිරීමත් බවය. මේ තත්වයන් ⁣යටතේ,මහත්  වරැන්ගේ දේශපාලනයක් ලෙස, ඉහල පෙලේ කීර්තිමත් පුදුගලයන් ඉදිරියේ  ඔබ විසින් ලබාදුන් පොරොන්දුව සහ වගකීම ඒ  අයුරින් ඉෂ්ඪ කරන ⁣මෙන් ඉල්ලා සිටිමි."

 

 

Advertiesment