Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සජිත්ගේ ලැයිස්තුව මහින්දට විකුණා අර්ල් ආණ්ඩුවට පනී 


2020-07-22 15436

සමගියේ ජාතික ලැයිස්තුවට රිංගුවෙත් සල්ලි දී ලා

 

එහාට මෙහාට පනින අර්ල්ගේ පැටිකිරිය මෙන්න  

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අර්ල් ගුණසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජයට එක්වීමට යළිත් තීරණය කර තිබේ.

ඔහු මෙසේ ආණ්ඩුවට එක් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය ඇතිව වරයා සහ නාවික අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ සම්බන්ධීකරණය යටතේ වන අතර මහා මැතිවරණයෙන් අනතුරුව පිහිටු වන බහුතර ආණ්ඩුව යටතේ ඔහුට වග කිව යුතු ඉහළ තනතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ

කලක් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටී අර්ල් ගුණසේකර මහතා, ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජය ගනු ඇතැයි උපකල්පනය කර එක්සත් ජාතික පක්ෂය සමග එක් වූයේ එම පක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ ගණනක් ලබා දෙමින් ජනාධිපතිවරණයෙන් පසුව රජයේ ඉහළ තනතුරක් බලාපොරොත්තුවෙනි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය පරාජය වී එම උණුසුම පහව යන්නත් පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට දේශපාලන මුක්කු ගසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමට අර්ල් ගුණසේකර මහතා ක්‍රියා කළේය.

එහිදී ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක ධූරය සහ නව ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ තනතුරක් ද බලාපොරොත්තු වූ අතර එම පුවත 2020.02.25 වැනිදා "lankanewsweek" පළ කර සිටියේ "අර්ල් ගුණසේකර ආණ්ඩුවේ ලොකු පුටුවකට" යන ශීර්ෂය යටතේය.

කෙසේ නමුත් තමා බලාපොරොත්තු වන ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ තනතුර සහ සංවිධායක ධූරය තමාට ලැබීම ප්‍රමාද වන බව දුටූ අර්ල් ගුණසේකර මහතා කළේ තවත් අති විශාල මුදලක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට සිය නම ඇතුළත් කර ගෙන සිය දේශපාලන වටිනාකම වැඩි කර ගැනීමය.

ආණ්ඩුවට යළිත් එක් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ආරාධනය කර සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඔහු උපයා ගත් දේශපාලන වටිනාකම හේතුවෙන් වන අතර ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත දී කුරුණෑගල පැවැත්වීමට නියමිත ජන රැළියකදී ඔහු ආණ්ඩුවේ වේදිකාවට නගිනු ඇත.  

.  

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment