Monday 14th of October 2024
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
අගමැතිගේ සඳු උච්ඡ වෙයි-විශ්වාස භංගය පුස්සක් වෙයි..!
2019-07-02
14327
පෙර පිං යළි මතු වෙයි..?
පාර්ලිමේන්තු මැතිවරණ ඇතුළු විවිධ මැතිවරණ 30 ක් පරාජය වුණත් දේශපාලන කරළියේ තවමත් නොසැලි, නොතැවී, බල්ටි ගසමින්, නටමින්,සහ ගයමින් සිටීමට ද පෙර පිං බලයෙන්ම අගමැතිකමට යළි යළිත් පත්වීමට ද රනිල් වික්‍රමසිංහ මහතාට හැකිව තිබීම කෙතරම් විශ්මයජනකද ?මේ භවයේ සැප සම්පත් විඳීමටද, තනතුරු හොබවීමටද, බලයට පත්වීමටද, ඒ බලය රැක ගැනීමටද පෙර පිං අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් මහා අධිකාරම්ව සිට පසුව ඉංග්‍රිසීන් විසින් රටින් පිටු වහල් කිරීමෙන් පසු ඇහැලේපොළ නිළමේ මුරුසියේදී අවසන් සුසුම් හෙළුවේ 1829 අප්‍රේල් 04 දාය.එසේම, ඇමරිකානු නිග්‍රෝ නායක “ මාටින් ලූතර් කිං " ඝාතනයට ලක් වුණේ ද 1968 අප්‍රේල් 04 දාය.
මෙවැනි අතීත සිදුවීම් ඇති අප්‍රේල් 04 දා ශ්‍රී ලාංකික අපට ද දේශපාලන වශයෙන් විශේෂ දවසක් වී ඇත. එසේම, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද සුවිශේෂි දිනයකි. ඒ එතුමාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය නිසා කුමකින් කුමක් සිදු වෙයිද යන්න මේ වනවිට මුළු මහත් රට පමණක් නොව ලෝකයම අවදියෙන් සිටින නිසාවෙනි.
අප්‍රේල් මස 03 දා ගෝචරත්වයෙන් සඳු වෘශ්චික රාශිගත වෙයි. අප්‍රේල් මස 06 දක්වා එම රාශියේ ස්ථානගත වෙයි. වෘශ්චිකයට සඳු නීච වෙයි. නමුත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ මීන ලග්නයට අනුව සඳු වෘශ්චික රාශිගත වන්නේ නව වැන්න හෙවත් පුණ්‍යස්ථානයේය. මේ නිසා යම් හෙයකින් පෙර පිං මතුවී හෝ විශ්වාස භංග යෝජනාව පුස්සක් වීමට ඉඩ ඇත.
ඒ අනුව අගමැතිකම රැක ගත්තත් ලැබෙන අති පීඩනයෙන් නම් කිසිසේත් ගැලවිය නොහැකිය. සෙනසුරු සමඟ අඟහරු එක්වී ලබා දෙනුයේ සුළුපටු තෙරපුමක් නොවේ. කටු ඔටුන්නක් හිස මත පැළඳ ගත්තා හා සමානය. ශෝකයම ගෙන දේ. ශෝකය ගෙන දීමට මුලික හේතුව බුදු දහමේ මැනවින් විස්තර කර ඇත.
පෙර පිං කෙසේ වෙතත් මේ භවයේ කරන කියන කර්ම අප පසු පස හඹා එනුයේ ගොන් කරත්තයේ රෝදය සේමය. මහ ජන මුදල් ගසා කෑම්, රජයේ දේපළ අවභාවිතා කිරීම්, දූෂණ, වංචා සහ අක්‍රමිකතා ආදියට ඉඩක් පාලන තන්ත්‍රෙය් නීතියෙන් ලැබුණත් විශ්ව නීතියෙන් නම් ගැලවුමක් නොමැති බව මනාව පැහැදිලි වේ.
විශ්ව නීතියේ තුලාව මේ වන තුරුත් සමබර බව රැක ගෙන රටේ නීතියත් හසුරු වන ආකාරයක් පෙනී යැයි. ඉස්සර කාලයේ මිනිසුස් ඕකට කීවේ “ උඩ ඉන්න දෙයියොවත් මේ ගැන බලත්වා " කියලයි.
කුමක් වුණත් මේ ගත කරන ග්‍රහ කාල පරාසය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම අයහපත්ය.දොස් පරොස් සහ සෝ සුසුම් නම් කෙළවරක් නැත. සමීපතමයන් පවා විරුද්ධ වන ලකුණු පෙනීමට තිබේ.
ශ්‍රී ලංකා කේන්දරයේ දසවැන්න වෘශ්චිකය වේ. සඳු නීච වන්නේ එහිදීය. ආණ්ඩු පක්ෂයේය. රටේ මහ ගෙදර හැම වේලේම ගිනි ගන්නා සුළුය.හරියට ළදරු පාසලක් වැනිය. ළදරු පාසලක වුණත් මීට වඩා විනයක් පවතී. වාග් ප්‍රහාර, ගුටි බැට,කා කොටා ගැනීම්,අවලාද,මඩ ප්‍රහාර සහ විවේචන ආදිය අඩුවක් නොවේ.
මේ හැමදෙයකින්ම අවසානයේ බැට කනුයේ රටේ අසරණ ජනතාවමය. පාලකයින්ගේ ග්‍රහයෝ නීච වුණාම ඔවුන් සටන් කරන්නේ සිය බලය රැක ගන්නටය. නමුත්, ජනතාව සටන් කරනුයේ සිය බඩ වියත රැක ගන්නට බව තේරුම් ගත් පාලකයින් අනාගතයේදීවත් බිහි වන්නේ නම් අපි කෙතරම් භාග්‍යවන්තයෝ වෙමුද ?
ජ්‍යෙතිෂ විද්‍යාඥ
ආචාර්ය රෙක්ස් ගුණවර්ධන
072-4040500
011-4282555
RELATED NEWS
උදෑසන ඇතිවෙන විළුඹේ වේදනාව
පුංචි පුංචි අනතුරු සඳහා සුලු ප්‍රතිකාර
රෝස හදවත් යා කරයි හද සුවපත් කරයි
යුග දිවියට මිහිර ගෙනෙන පිංවත් සහකරුවා ඔබ ද..?
රාජ්‍ය කාරක රවී රටම කළඹයි..!
“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..!
“ලෝකයට පෙර රට හඳුනා ගත යුතුය”
අගමැතිගේ සඳු උච්ඡ වෙයි-විශ්වාස භංගය පුස්සක් වෙයි..!
හතර කේන්දරයම පාළු වෙලා..!
Resent Post
වැසි තත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව
වජිර අබේවර්ධන ජාතික ලැයිස්තුවක් ඉල්ලා පරසක්වළ ගසයි
සෑම විටම රට වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ
රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා
එජාපයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු සජබයට
Lanka Newsweek © 2024