Friday 26th of April 2024

English Tamil
Advertiesment


ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලොවටම හදිසි තත්ත්වයක් පනවයි 


2020-01-31 7846

"කොරෝනා" වෛරසයෙන් ලොව බේරා ගැනීම අරමුණයි 

 

වෛරසයේ භයානකකම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි ගනී

 

(ජෝශප් ඩයස්)

වාහම ක්‍රියාත්මක වන පරිදි මුළු ලෝකයටම හදිසි තත්ත්වයක් පැනවීමට සහ ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ වන විට ක්‍රියා කර ඇත.

චීනයේ "කොරෝනා" වෛරසය ව්‍යාප්ත වීම සිදු වන අතර මෙසේ මුළු ලෝකයටම හදිසි තත්වයක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට සිදු වූයේ පහසුකම් අඩු දිළිදු ආසියා සහ අප්‍රිකානු රටවල්වලත් "කොරෝනා" වෛරසය ව්‍යාප්ත වෙමින් පැවතීමත්, එම රජයන්ට එම තත්ත්වයන්ට මුහුණ දීමට ඇති අහහසුතාවය මත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටිඩොරොස් ඇඩ්නොම් ගෙබ්රියසස් මහතා පවසයි. 

ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුවත් "කොරෝනා" වෛරසය නිසා දැනට සිදු  වී ඇති මරණ සියල්ලම චීනයේ  සිදු වී ඇති අතර එසේම විශාල රෝගීන් ප්‍රමාණයක් සිටින්නේ ද එරටය.කෙසේ නමුත් ඔහු පවසන්නේ චීනය "කොරෝනා" වෛරසය සාර්ථකව මැඩ පවත්වා ගෙන යන නමුත් යම් හෙයිකින් එවන් තත්ත්වයක් දැනට රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිළිඳු අප්‍රිකා සහ ආසියා කලාපයේ ඇති වුවහොත් තත්ත්වය භයානක වනු ඇති නිසා කඩිනමින් මේ තත්ත්වය පාලනය කිරීමට මෙසේ හදිසි තත්ත්වයක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට සිදු වූ බවයි.

ලෝක ඉතිහාසයේදී මීට පෙර පස් වතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ හදිසි තත්ත්වයන්  පනවා ඇත.

(01) 2019 ඉබෝලා වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාව. 

(02) 2016 සිකා වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාව. 

(03) 2009 H1N1 swine flu වයිරසය ව්‍යාප්ත වූ අවස්ථාව.

(04) 2014 පෝලියෝ ව්‍යාප්ත වූ අවස්ථාව.

(05) 2014 /16 ඉබෝලා වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාව.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලෝකයටම මෙසේ හදිසි තත්ත්වයක් පනවා ඇත්තේ හය වන අවසථාවටය 

එසේම මේ වන විට ලොව ගුවන් යානා ආයතන 35 ට වැඩි ප්‍රමාණයක් චීනය සහ රටවල් අතර ගුවන් යානා මගින් සහ භාණ්ඩ මෙහෙයුම් කටුයුතු අත්හිටුවා ඇති අතර එසේ සේවා අත්හිටු වන ආයතන ගණනද දෛනිකව වැඩි වෙමින් පවතයි.චීනයේ "හුබෙයි" පළාතේ "වුහන්" නගරය ඇතුළුව නගර 17 ක ලක්ෂ 550ත් 600ත් අතර පිරිසක් "quarantine" හෙවත් නිරෝධායනය හෙවත් හුදකලා කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතියි. 

"කොරෝනා" වෛරසය ව්‍යාප්ත වීම සිදු වූ 23 වන රට බවට පත් වීමට ඉතාලියට සිදු වී ඇත.ඔවුන්ගේ රටට චීනයේ සිට පැමිණි සංචාරකයින් දෙදෙනෙකු මෙසේ "කොරෝනා" වෛරසයට ගොදුරු වී ඇත.ඒ සමගම ඉතාලි අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි චීනය සහ ඉතාලිය අතර ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු නැවැත් විය යුතු අතර චීනයෙන් ගුවන් යානා පැමිණීම හෝ චීනයට පිටත් වීම නොකළ යුතු බවය.

මුළු ලෝකයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ක්‍රියා කිරීමෙන් පැහැදිළි වන්නේ  "කොරෝනා" වෛරසය ජාත්‍යන්තරයේ භයානක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළි ගෙන ඇති බවය.ඒ අනුව "කොරෝනා" වෛරසය පාලනය කිරීමට අදාළව සිය සාමාජික රටවල් 194 ට උපදෙස් නිකුත් කිරීමේ බලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට ඇත.

ඒ යටතේ ව්‍යවසනය පවතින සහ පැතිරෙන රටවල් සේම ප්‍රදේශ නම් කරමින් සංචාරක උපදෙස් හෝ සංචාරය නොකර සිටිමට උපදේශන නිකුත් කිරීම ගුවන් තොටුපොළවල්වල තිබිය යුතු නීති රීති සහ සංචාරක උපදෙස් පැනවීම, දේශසීමා මායිම් සම්බන්ධව උපදෙස් නිකුත් කිරීමත් සිදු වේ.මෙම "කොරෝනා" වෛරසයට මුහුණ දීමට මුල්‍ය සහ දැනුම නොතිබේ නම් ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුදල් උපකාර සේම උපදෙස් ලබා දීම ද සිදු වේ.

රුසියාව චීනය සමග ඇති සිය KM- 4 209 වන දේශසීමාව වසා දැමීමට නියෝග කළ අතර, එසේම මෙතෙක් ඒ හරහා ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ලබා ගැනීමට තිබු විස පහසුකම් ද නතර කර දැමීමට තීරණය කර ඇත.මේ වන විට රුසියාවේ මොස්කොව් නුවරින් ද "කොරෝනා" වෛරසය ඇතැයි සැක කරන අයෙක් සොයා ගෙන ඇත.

මේ අතර පකිස්ථානය පවසන්නේ සිය රටේ සිසු සිසුවියන් සහ ජනයා චීනයෙන් ඉවත් කර ගැනීම අනවශ්‍ය බවය.සිය රටට වඩා චීනයේ වෙද්‍ය පහසුකම් ඉහළ තත්ත්වයේ පවතින නිසා සිය රටේ ජනතාව සහ සිසු සිසුවියන් තවදුරටත් චීනයේ සිටිනු ඇති අතර ඒ අය ඉවත් කර ගැනීමට මේ මොහොතේ සුදනම් නොමැති බව ද චීනය කියා සිටියි.

මේ වන විට ලැබී තිබෙන නවතම වාර්තා අනුව "කොරෝනා" වෛරසය ආසාධිත රෝගින් ගණන 9 692 කි.මේ හේතුවෙන් සිදුව ඇති චීන ජාතික මරණ සංඛ්‍යාව 213 දක්වා වර්ධනය වී ඇත.එසේම මේ වන විට රෝහල්වල අසාධ්‍ය රෝගීන් 1527ක් සිටිති."කොරෝනා" වෛරසය ආසාධිතයි සැකයෙන් රෝහල් ගත වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව15 238 කි.එමෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 171කි. 
 

Advertiesment