වැව්බැදි රට හෙවත් රජරට අනුරාධපුර පුරවරයෙන් ඇය රංඟන කලාවට එක්වන්නේය. ටවර්හෝල් රඟහල පදනමේ නාට්‍යය හා රංග කලා උපාධි පාඨමාලාව හැදැරීමෙන් පසුව ඇයට වේදිකා නාට්‍ය රංඟනය සදහා දොරගුළු විවර වන්නේය. වේදිකා නාට්‍යය රංගනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත් වූ යෞවන සම්මාන තරඟාවලියේදී සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ රාජ්‍ය නාට්‍ය උළෙලේදීත් ඇය හොඳම නිළිය බවට පත් විය.
එතැන් පටන් ටෙලි නාට්‍යය මෙන්ම වේදිකා නාට්‍යය චිත්‍රපට වලටද රංඟන දායකත්වය ලබාදී ඇති ඇය කා අතරත් කතා බහට ලක්වූයේ සිරස රූපවාහිනි සේවයෙන් සතියේ දින පහේම රාත්‍රී 9.00 ට විකාශය වන නීල පබළු ටෙලි නාට්‍යය තුලිනි. මෑතකදී පැවති 24 වෙනි සුමති ටෙලි සම්මාන උළෙලේදී කාගේත් ජනප්‍රසාදයට පාත්‍ර වෙමින් ජනප්‍රියතම නිළිය ලෙසද පිදුම් ලැබුවාය. එමෙන්ම මේ දිනවල රූපවාහිනි නාළිකා කිහිපයකින්ම විකාශනය වන ටෙලි නාට්‍ය රැසකින් අප හමුවට එන ඇය ආකර්ශණිය නව පරපුරේ රංඟන ශිල්පිණි නයෝමි තක්ෂිලා නම් වේ. මේ ඇය පිළිබඳව සටහනයි.
මම ඉපදුණේ අනුරාධපුරය නෙල්ලිකුලම කියන ගමේ. ඒ ගම ඉතා සුන්දර එකක්. මම ගොඩක් ගමට තමයි කැමතියි.
නෙල්ලිකුලම ගමේ තියෙන කුඩා පාසලට තමයි මුලින්ම ගියේ. අනතුරුව තමයි අනුරාධපුරයේ ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය කළේ. එහිදි කලා අංශයේ විෂයන් තමා හැදෑරුවේ.
පාසල් අධ්‍යාපනයෙන් පසුව මම ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංඟ කලා ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා යොමු වුණා. අනතුරුව මට හැකියාව ලැබෙනවා. කථාහක නම් ඉන්දියානු කෙටි නාට්‍යයට එක් වෙන්න ඒක තමයි මං රංඟන දායකත්වය ලබාදුන් මුල්ම නිර්මාණය වෙන්නේ.
අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි, අයියයි, මමයි. මම තමයි පවුලේ බාලයා. අක්කලා දෙන්නයි, අයියයි විවාහ වෙලා තාත්තා ව්‍යාපාරිකයෙක්.
මුලින්ම පවුලේ ගොඩක් අය මම රඟපාන්න යනවට කැමති වුනේ නැහැ. තාත්තා ගොඩක් විරුද්ධ වුණා. පසුව ඒ අය සියලු දෙනාම වැඩේ තේරුම් අරගෙන කැමති වුණා . එයාලා ගොඩක් සතුටු වුණා. මට මේ ලැබුණු ජයග්‍රහණ දැකලා. මගේ අම්මත් මාත් එක්ක ටෙලි නාට්‍ය රූගත කිරීම් තියෙන අවස්ථාවල ඒ තැන්වලට ආවා ගියා. ඒ අයුරින් ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබුණා අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාගෙන්ම.
මුහුදු ලිහිණි තමයි මගේ මුල්ම වේදිකා නාට්‍යය ඉන් පසුව වේදිකා නාට්‍ය නිර්මාණ රැසකටම රංඟනයෙන් දායක වුණා. මුහුදුලිහිණි වේදිකා නාට්‍යයේ මගේ රංඟන දායකත්වය දැකලා තමයි සමීර කසුන් මහතා මට මීදුම් අම්මා කියන ඔහුගේ ටෙලි නාට්‍යය වෙනුවෙන් රංඟනයට එක්වෙන්න කියලා ආරාධනා කලේ. ඒක තමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය රංඟනය වෙන්නේ.
වේදිකා නාට්‍යය රැසකට තමයි මුලින්ම දායක වෙන්නේ මුහුදු ලිහිණි, හිනාවෙලා මිනිත්තුවක්, සිල්ගත් බිල්ලෝ යානාදිය ටෙලි නාට්‍ය පැත්තෙන් මීදුම් අම්මා ,නිසල දිය සුළි, හිත ළඟ අත්තටු, නෙතු, බලය ඇවිත්, ඔක්කොම හොදටයි, ඔබ ආයමෙත් ඇවිදින් දැනට චිත්‍රපට දෙකක රඟපාලා තියෙනවා. ඒ නිදහසේ පියා , කොටඋඩ එක්ස්ප්‍රස් යන ආදිය තවත් චිත්‍රපට කිහිපයකටමත් රංඟනය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව වෙළද දැන්වීම් හා ගීත රූප රචනා වලටත් රංගනයෙන් දායක වුණා.
ඔව්. සිරස රූපවාහිනි සේවයේ නීල පබළු හා හේලංකඩ ස්වර්ණවාහිනි සේවයේ ඇය,ක්ලික්, නෝ පා(ර්)කිං ස්වාධීන රූපවාහිනි සේවයේ තෝඩු ආදි නිර්මාණ වලින් මේ දවස්වල මාව දැකගන්න පුළුවන්.
ඔව් පසුගියදා පැවති 24 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළිය ලෙස සම්මානය ලබා ගන්නවා. සිරස රූපවාහිනි සේවයෙන් මේ වන විටත් සතියේ දින පහේම රාත්‍රි 9.00ට විකාශනය වන නීල පබළු කියන ටෙලි නාට්‍යයේ පූජාගේ චරිතය. ඒකෙන් තමයි මාව බොහෝ දෙනා දැන හඳුනා ගත්තේ. ඒකෙන් මට ගොඩක් අය ආදරය කරමින් ඒ ගැන කතා බහ කරන්න පටන් ගත්තා.
අකිල සපුමල්ගේ හිනාවෙලා මිනිත්තුවක් වේදිකා නාට්‍යයේ රංඟනය වෙනුවෙන් 2015 වර්ෂයේ පැවැත් වූ යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානය ලැබුවා. ඉන් අනතරුව 2016 වර්ෂයේදී සිල්ගත් බිල්ලෝ කියන වේදිකා නාට්‍යය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානය හිමි කර ගත්තා. ඊටත් පසුව තමයි මෑතකදී එනම්, 2019 වසර අගදී පැවැත්වු 24 වෙනි සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළියට හිමි සම්මානය මට ලැබෙන්නේ.
ඇත්තටම ඔව්. අනුරාධපුරය වගේ දුෂ්කර ප්‍රදේශයක ඉඳලා කොළඹට ඇවිල්ලා කොළඹත් දුෂ්කර දිවියක් ගෙවලා ඒ කියන්නේ අපේ වචනයෙන් කීවොත් කට්ට කාලා ගෙදරින් දුන්නු මුදල් ඉවරවුණාම මෙහි ඉල්ලගන්න කෙනෙක් නැතිව බස් එකෙන් යන්නත් නැතිව පයින්ම ගිහිල්ලා හරි හැටි කෑමක් පවා නැතිව දුෂ්කරතා විඳලා තමයි අද මේ තැනට ඇවිත් ඉන්නේ. ඒක ගැන ගොඩක් සතුටුයි. මම ඒ ආපු ගමන් මඟ ගැනත් මම අද ඉන්න තැන ගැනත් සතුටු වෙමින් අසීමිත තෘප්තියක් ලබනවා.
මම දැනට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා උපාධිය අවසන් කරමින් ඉන්නේ ඉදිරියේදී මම රංඟ කලා ගුරුවරියක් ලෙස වෘත්තිය කටයුතු ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාවේ වෘත්තිය රංඟන ශිල්පිණියක් ලෙස කටයුතු කිරීමේ අපහසු තත්වයක් තියෙනවා. ඒ නිසා එය වෘත්තියක් ලෙස කරන්න මම සූදානම් නැහැ.
මම හරිම සරල කෙනෙක් සාමාන්‍ය විදියට අනෙත් අය මෙන් ජීවත් වෙනවා. ලොකු බලාපොරොත්තු සැලසුම් මගේ ජීවිතයේ නැහැ. මගේ වැඩි කැමැත්ත සාමාන්‍යයෙන් ගමට තමයි. අධ්‍යාපනයටත්, කලා කටයුතු වලටත් කොළඹ ආවාට මම තාමත් අනුරාධපුර නෙල්ලිකුලම ඒ සුන්දර ගමට වෙලා සාමාන්‍ය විදියට ඉන්න තමයි අපේක්ෂාව. ඉදිරියේදීත් මාව ප්‍රේක්ෂයින්ට වේදිකාවෙන් ටෙලි නාට්‍ය තුළින් හා සිනමාවෙන්ද විවිධ නිර්මාණ තුළින් දැක ගන්න පුළුවන් වේවි. ඒ වැඩ කටයුතුත් එක්ක සාමාන්‍ය විදියට කරගෙන ඉන්න තමයි බලාපොරොත්තුව.
Lanka Newsweek © 2026