Thursday 18th of June 2026

English Tamil
Advertiesment


අගමැති ඉල්ලා අස්වෙයි


2019-11-20 14903

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් බදාදා (20) පස්වරුවේ අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්විමක්ද පැවැත්විමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා භාරකාර ආණ්ඩුවක් පත් කිරීමට නියමිත බවත් එම භාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනාවි ඇති බවටත්  දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර ඇත.

මෙම භාරකාර ආණ්ඩුව 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඒ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද ඇතුලත් වීමට නියමිත වේ.

තවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා(20)  දිනයේදි මහනුවර ප්‍රදේශයේ සංචාරයක නියැලෙන බැවින් නව භාරකාර ආණ්ඩුව බ්‍රහස්පතින්දා (21) දිනයේදී පත් කිරීමට බොහෝ ලෙස ඉඩ කඩ පවතී.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment