Thursday 18th of June 2026

English Tamil
Advertiesment


බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාවිද..?


2019-11-19 14893

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ වන විට තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීමට බේකරි හිමියන්ට සිදුව ඇති අතර එම නිසා බේකරි හිමියන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

මෙ ගැටළුවට අඟහරුවාදා (19) දිනය තුළ විසඳුම් නොලැබුණහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.

කේසේවෙතත් වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන පුද්ගලයින් පිළිබඳව වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම් ෆවුසර් මහතා සඳහන් කළ අතර වැටලීම් සිදු කිරීම තුළින් සිය ගැටළුවට විසඳුම් නොලැබෙන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment