Thursday 18th of June 2026

English Tamil
Advertiesment


හම්බන්තොටට අධික වැසි


2019-10-30 14892

හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 362ක පුද්ගලයින් 1240ක් අවතැන්වී ඇති අතර නිවාස 200කට පමණ අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

අද (30) පෙරවරු කාලය වන විටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලිඅත්ත, මාරකොල්ලිය, වීරකැටිය, කපුගම්පොත, රන්න, ඕකෙවෙල, සිටිනාමළුව, හම්බන්තොට ආදී ප්‍රදේශ රැසක නිවාස ජලයෙන් යටවී තිබිණි.

මේ වන විට එම ප්‍රදේශයේ ගං වතුර හේතුවෙන් අවතැන් වූ ජනතාවට තාවකාලිකව රැදී සිටීම සඳහා සාමෝදාගම විහාරස්ථානය, සීතාරාමය සහ වීරකැටිය කපුගම්පොත පුරාණ විහාරයේ අවතැන් කඳවුරු පිටුවා ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අවතැන් වී සිටින මිනිසුන් බේරා ගැනීම සඳහා තංගල්ල හමුදා කඳවුරේ බෝට්ටු සේවක් ද ආරම්භ කර ඇත.

තවද අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය අහාර ලබා දීමේ සහන කටයුතු වෙනුවෙන්, හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින් සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවකයින් ඇතුළු විශාල පිරිසක් යොදවා ඇති බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment