බොහෝ රෝග පිළබද සමාජයේ ඔබ අප නිරන්තරයෙන් දැනුවත් වුවත් ස්නායු රෝග කියූ පමණින් එතරම් දැනුවත් භාවයක් නැහැ.ක්ෂණිකව ඇතිවන ක්ලාන්ත ගතියක් හිටි හැටියේ ඇතිවන පෙනීමේ දුර්වලතාවයක් පිළිබද ඔබ ඒ තරම් සැළකිල්ලක් නොදැක් වුවත් එය ස්නායු රෝගයක පෙර නිමිත්තක් බව ඔබ දන්නවාද?
ස්නායු රෝග බොහෝමයක් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි නමුත් කල් ඇතිව රෝගය හදුනා ගෙන සුදුසු කමු ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු නොවීම තුළින් සුව කළ නොහැකි තරමට දුර දිග යන අවස්ථාද සුලභ ය.
බැලූ බැල්මටම ස්නායු පද්ධතිය සංකීර්ණයි වගේම ඒ හා සම්බන්ධ රෝග සියයකට අධික ප්‍රමාණයක් පවතින බව වෛද්‍යවරුන්ගේ මතයයි. හිසරදය,අංශභාගය,අපස්මාරය,ඩිමෙන්ෂියා,මාංශපේෂී ක්‍රියාකාරීත්වය අඩපන වීම ප්‍රධානම ස්නායු රෝග කීපයයි.ඇතැම් ස්නායු රෝගවල ලක්ෂණ කලක සිට වර්ධනය වන ඒවා වන අතර තවත් ඒවා ක්ෂණිකවම ඇති වෙයි.කෙසේ වෙතත් ඔබ පහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම තුළින් රෝගය උත්සන්නවීම වළක්වා ගතහැකිය.
· වරින් වර හෝ එක දිගටපවතින හිසරදය
· හිසරදය සමගවමනය,ඔක්කාරය,කරකැවිල්ල
· හිසරදයට පෙර හෝ ක්ෂණිකවමඇතිවන පෙනීමේ ගැටළු
· ක්ෂණික ක්ලාන්ත ගතිය
· කෙටි කාලීන සිහිනැතිවීම්
· අතපය හිරිවැටීම්
· ඇවිදීමේ මෙන්ම සිරුර සමබරව පවත්වාගෙන යා නොහැකි බව
· ක්ෂණිකව ඇතිවන කොන්දකැක්කුම
· අඩ වශයෙන් ඇස් පියවීම
· ක්ෂණිකව කන් නොඇසී යාම හෝ ශ්‍රවන අපහසුතා
· ආග්‍රහණ අපහසුතා
· ක්ෂණිකව හෝ කුමයෙන් දැනෙන රස නොදැනීම,ගොතය හෝ වචන පැටලීම
· මුහුණේ එක් පැත්තකඇතිවෙන වේදනාවක්
· එක් පැත්තක අත් පා පන නැතිවයාම මතකය නැති වී යාමමේ
ලක්ෂණ හැමවිටම ස්නායු රෝග ලක්ෂණ නොවන අතර මේවායින් එක් ලක්ෂණයක් තිබීම මගින්ම ඔබ ස්නායු රෝගියෙකු යැයි සිතා කලබල විය යුතු නැහැ.පළපුරුදු වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත්.
පරීක්ෂණ
ස්නායු රෝග හදුනා ගැනීමට ඊ.ඊ.ජී. පරීක්ෂණය,ඊ.එම්.ජී. පරීක්ෂණය,සී.ටී. ස්කෑන් පරීක්ෂණ,එම්.ආර්.අයිස්කෑන් පරීක්ෂණ ආදි පරීක්ෂණ ගණනාවක්ම පවතී.
. ප්‍රතිකාර ගත හැකි ස්ථාන
සාමාන්‍ය කායික රෝගයකට ඔනෑම රෝහලකින් ප්‍රතිකාර ගත හැකි වුවත් ස්නායු රෝග සදහා ඒ සදහා පහසුකම් සහිත රෝහලක් වෙත යොමු විය යුතු ය.ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ රජයේ රෝහලකට ගිය විට ඔබව ස්නායු ඒකකයට යොමු කරයි.කොළඹ ජාතික රෝහල,දකුණු කොළඹ ශික්ෂණ රෝහල(කළුබෝවිල),උතුරුකොළඹහික්ෂණ රෝහල (රාගම),මාතර,බදුල්ල,මහනුවර,පේරාදෙණිය ශික්ෂණ රෝහල,රත්නපුර,අනුරාධපුර,කුරුණෑගල,ගාල්ල,කරාපිටිය යනාදී රෝහල් වල අවශ්‍ය පහසුකමු ලබා දී ඇති නිසා ඔබට අපහසුතාවයකින් තොරවම ප්‍රතිකාර ලබා ගත හැක.
.
Lanka Newsweek © 2024