Saturday 20th of June 2026

English Tamil
Advertiesment


අපදාවලින් විනාශ වූ විදුලි පරිපත නොමිලේ අලුත්වැඩියා කෙරේ..!


2019-10-01 14857

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංවිම සේවක කණ්ඩායම් යොදවන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.

දින ගණනාවක් මුළුල්ලේ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ගස් කඩාවාටීම් සහ නායයාම් තත්ත්වයන් ඇති වී තිබෙන අතර ඒතුළින් නිවාස වලට විශාල වශයෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ. මේ වනවිට පැවති අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ යම් වෙනස්වීමක් සිදුවී ඇති අතර ස්වභාවික විපත් හේතුවෙන් මේ වනවිට අවතැන් කදවුරුවල වෙසෙන ජනතාව ඉදිරි දින කිහිපය තුළදී සිය නිවෙස් කරා යාමේදී, අදාළ නිවෙස්වල විදුලි පරිපත විනාශයට පත්වී හෝ ක්‍රියාවිරහිත තත්ත්වයට පත්වී තිබිය හැක.

එවැනි ගැටළු තත්ත්වයන් ඇත්නම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස් යොදවා, අදාල විදුලි පරිපථ යතා තත්ත්වයට පත්කර දීමට පියවර ගන්නා බව, විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව ස්වභාවික ආපදා තත්ත්වයන් මත තම නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථානයන්හි අභ්‍යන්තර විදුලි පරිපථ අක්‍රීය වී ඇත්නම්, ඒ බව ළගම පිහිටි විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට දැනුම්දීමෙන්, අදාළ විදුලි පරිපථ යතා තත්ත්වයට පත්කර ගැනීමේ සේවාව, ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් නොමිලයේ ලබාගත හැකි බව විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටී.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment