Monday 19th of May 2025

English Tamil
Advertiesment


දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි..!


2019-12-01 14363

 

මෙවර ඉන්දීය මහ මැතිවණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට මුහුණ දීමට සිදුවූ දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව තව දුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, පරාජයේ වගකීම භාර ගනිමින් තමන් ධූරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන බව කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවී රාහුල් ගාන්ධි මහතා සඳහන් කර ඇති බවයි.කෙසේ වෙතත් කොංග්‍රස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රන්දීප් සිං සර්ජිවාල්, රාහුල් ගාන්ධිගේ මේ ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබේ.

තවද ඊයේ සිදු වූ පරාජයෙන් පසුව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රාන්ත හා ප්‍රාදේශිය නායකයින් ගණනාවක් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙන අතර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දැවැන්ත පසුබෑම හමුවේ කොංග්‍රස් පක්ෂයේ එම ප්‍රදේශයේ නායක රාජ් බබර් ද සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

කෙසේ වෙතත් හෙට පෙරවරුවේ කොංග්‍රස් පක්ෂයේ විධායක කමිටු රස්වීම දිල්ලි ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන අතර එහිදී පක්ෂයට අදාළව විශේෂ තීරණ ගනාවක්ද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව තවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.මෙවර මහ මැතිවරණයේදී ගාන්ධි පරපුරේ ප්‍රබල බලකොටුවක් වූ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇමති අසුන රාහුල් ගාන්ධි පරාජයට පත් විණි.

කෙසේ වෙතත් ඊයේ (23) නිකුත් වූ ප්‍රතිඵල අනුව කොංග්‍රස් පක්ෂයට ද ලෝක් සභා ආසන 92ක් පමණක් දිනා ගත් අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතිය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 351 ක් හිමි කර ගෙන ඇත.

මෙවර මහ මැතිවරණයෙන්මේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අත් කර ගත් ජයග්‍රහණයට ලෝක රාජ්‍ය නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබේ.

Advertiesment