රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී මෝටර් රථයක් පරික්ෂාවට ලක් කිරීමෙන් එහි තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු නෝට්ටු 469 ක් සොයාගත් බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් මාතර, හිනිදුම සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
මෙම සැකකරුවන් තිදෙනා අද(28) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.