(නිලන්ති චන්ද්‍රසේන)
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට රජයේ තීරණයත් සමග නැවත ඉන්ධන ගාස්තු ඉහල දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහල ගොස් ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් හා සුපර් ඩීසල් ලීටරයක මිල , රුපියල් 10 කිනුත් මිල ඉහල ගොස් ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ය.
ඉන්ධන මිල නැවත ඉහල දැමීමත් සමග ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට සාකච්චා කරමින් සිටින බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. , ඉන්ධන මිල ඉහළ යාම බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ලකරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
අංජන ප්‍රියන්ජිත් මහතා පැවසන්නේ කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් අද දහවල් වන විට ගන්නා බව ය.
මිට අමතරව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් මහතා සඳහන් කරන්නේ තම සංගමයේ විධායක සභාව රැස්වී ඔවුන්ද මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ය.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.