Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ලිපි බෙදා හැරීමටත් පොලිසිය..?


2018-06-22 14880

(නිලන්ති චන්ද්‍රසේන)

අවශ්‍ය වුවහොත් ලිපි බෙදා හැරීම සඳහා පොලීසියේ සහය ලබා ගන්නා බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කර සිටි.

ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබා දී ඇති අවස්ථාවකත් වර්ජනය  තවදුරටත් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව අමාත්‍යවරයා ප්‍රකශ කරයි.

මේ අතර සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා  වර්ධනය කරන බව තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් තමන්ට  පවතින ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 12 ක් සපිරේ.

කෙසේ වුවද විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment