(නිලන්ති චන්ද්‍රසේන)
අයි. ඕ .සි සමාගම පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ද වැඩි කළේය.
අයි.ඕ.සී.සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
ඒ අනුව අයි.ඕ.සී සමාගමේ නව මිලගණන් වන්නේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 126.00ක් සහ ඩීසල් ලීටරයක් රුපියල් 117ක් ලෙසයි.
Lanka Newsweek © 2026