Thursday 18th of June 2026

English Tamil
Advertiesment


අගමැතිගේ පෞද්ගලික සහකාර සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙයි


2018-03-22 14882

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර හා ව්ක්සත් ජාතික පක්ෂ  සන්නිවේදන බලකායේ  අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වී තිබේ.ඒ මහතා අගමැතිවරයාගේ පෞද්ගලික සහකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා වන ලිපිය අගමැති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දී අති බවද මේ අතර වාර්තා වේ.

එකසත් ජාතික පක්ෂ සන්නිවේදන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වීම සම්බන්ධ ලිපිය ඒ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී අති අතර එම ලිපිය අගමැතිවරයා භාර ගැනීම ප්‍රතික්ෂේප කර අති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වලින් ආරංචි වාර්තා වේ.

කෙසේ වුවද අදාළ ලිපියේ සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු දීර්ඝ ලෙස විස්තර කර ඇතැයිද පැවසේ.

එහි තමාට ගෙවී ගිය වසර තුනක කාලය තුළ සන්නිවේදන අංශය ශක්තිමත් කිරිමට විශාල වශයෙන් බාධා තිබූ බවත් අවම වශයෙන් එම කාලයේදී එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට මෙන්ම වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ආරක්ෂා කර දීමට සහය දුන් කුරුදු පොලු කණ්ඩායම් සාමාජිකයන්ට හෝ උපකාරයක් කළ නොහැකි වූ බව ඒ මහතා දක්වා ඇතැයි වාර්තා වේ.

 සුදත් චන්ද්‍රසේකර මහතා කුරුදු පොලු නඩුවේ විත්තිකරුවෙකි.

"Sri Lanka mirror"

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment