පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මේ මස විසි දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබැ තිබේ.
මේ සිද්ධියට අදාළ නඩුව ගම්පහ,මහර මහේස්ත්‍රාත්මේ අධිකරණයේදී අද (20) කැඳ වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය ලබා දී ඇත.
සාදයකදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් අනතුරුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පුද්ගලයෙකුට පහරදී ඇති අතර ඔහු විසින් පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කර පොලීසිය මගින් මන්ත්‍රීවරයාට එරෙහිව මෙසේ අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.