Friday 26th of April 2024

English Tamil
Advertiesment


එකිනෙකා ගැටුණු කුසල් – ෂෙහාන් අද තරගයට නෑ..!


2019-09-06 7740

(සදුන් සමරවීර)

එකිනෙකා ගැටුණු කුසල් – ෂෙහාන් අද තරගයට නෑ සත්කාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ අද (06) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි T-20 තරගයට කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරියටඑක් නොවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

පසුගිය 03 වැනිදා ශ්‍රී ලංකාවට කඩුලු 4 ක පරාජයක් අත්වූ තරගයේදී උඩ පන්දුවක් රැක ගැන්මට යෑමේදී දෙදෙනාම එකිනෙකා ගැටුණු අතර දෙදෙනාම ආබාධයකට ලක්වීම ඊට හේතුවයි. මෙම තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී මොවුන් දෙදෙනා එකිනෙකා ගැටුණා.

මිචෙල් සැන්ට්නර් විසින් එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙස ලෝන් ඕන් සහ මිඩ් විකට් කළාපය අතරට ඇදී ගිය අතර ඒ සඳහා දිව ගිය ෂෙහාන් උඩ පන්දුව රැක ගැනීමට සමත් වුණත් උඩ පන්දුව පිළිබඳවම අවධානය තබා පැමිණි කුසල්, ෂෙහාන්ගේ ඇඟේ වැදීම මත දෙදෙනාම දෙපසට විසි වී ගියා. උඩ පන්දුව රැක ගනු ලැබුවද සමබර තාවය ගිලිහී යෑම නිසා ෂෙහාන්ව හතරේ සීමාව මතට වැටුණු බැවින් දැවී යෑමක් වෙනුවට එය නවසීලන්තයට හිමි ලකුණු 6ක් බවට පත් වුණා.

එම ගැටීමේදී මෙන්ඩිස් දණහිසේ ආබාධයකටද මුහුණ දුන් බැවින් එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණයකටද මුහුණ දීමට ද සිදු වුණා. අද තරගය අවසන් විස්සයි-20 තරගය බැවින් මොවුන් දෙදෙනා වෙනුවට තවත් ක්‍රීඩකයින් දෙපළක් කණ්ඩායමට ආදේශ නොකිරීමට ක්‍රිකට් තේරීම්වලදී තීරණය වී තිබේනවා. තරග 3 කින් සමන්විත දෙරට අතර T-20 තරගාවලියේ පළමු තරග 2 ම ජය ගෙන සිටින නවසීලන්ත කණ්ඩායම අද තරගයට පෙර 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත්ව තිබේනවා.

Advertiesment