Wednesday 15th of July 2026

English Tamil
Advertiesment


අධිකරණයට අත නොතියා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න


2026-07-13 1255

 

- විපක්ෂ නායක -

 

විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ කුළුන තුන වන අතර එහි දී රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන කුළුණුවලින් අධිකරණය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත් ඊට අමතරව ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජ පුරවැසියන් තවත් අමතර වැදගත් කුළුණ දෙකක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයක් තිබිය දී වර්තමානයේ රජය අධිකරණයට බලපෑම් කරමින් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට සේම උපරිමාධිකරණවල ගරු විනිසුරුවරුන්ගේ පුරප්පාඩු සම්පූර්ණ නොකරමින් ගරු විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට දැවැන්ත බලපෑමක් එල්ල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන්න රජය දරන උත්සාහය පිළිකුල් සහගත ව ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

උපරිමාධිකරණවලට පත් කරන සිටින විනිසුරුවරුන් පත් නොකර හිස්ව තැබීමම අධිකරණවලට බලපෑමක් බවත් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍යය යුක්තිය සාධාරණත්වය සුරකින ප්‍රතිපත්ති රැකගන්න සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය සේම ප්‍රගතිශීලි විපක්ෂය සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයට අත නොතියා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යොමුවන ලෙසත් ජනතාව වරමක් දුන්නේ අධිකරණයට බලපෑම් නොකර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බවත් මේ ජනවරම ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment