සංගීත විශාරද ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක මහත්මියගේ හදිසි අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදුවූ බරපතළ පාඩුවක් බවත් සංගීත ක්ෂේත්‍රයේ ගායනයෙන් වාදනයෙන් නවමු ආකාරයෙන් වෙනසක් කිරීමට ඇය සමත් වූ බවත් ඇයගේ මේ අහිමි වීම සංගීතයට ලැදි රසිකයන්ට සේම ලංකාවාසී ජනතාවට ද දැවැන්ත පාඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞවරය දැක්වීම සඳහා එක්වූ අවස්ථාවේ දී ය.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක මහත්මියගේ පවුලේ සැම වෙත සිය සාතිශය සංවේගය ද පුදකරනු ලැබීය.

Lanka Newsweek © 2026