Tuesday 14th of July 2026

English Tamil
Advertiesment


සටන් විරාමය බිඳ වැටෙයි - ඇමරිකානු ප්‍රහාරයෙන් ලෝකය නව අනතුරුදායක යුගයකට


2026-07-10 1281

 

 

මැද පෙරදිග යුද්ධයෙන් ලෝක ආර්ථිකයත් ගිනි ගනී

 

යුද්ධය ඉරානයේ-කම්පනය මුළු ලෝකයටම-බල තුලනය නැවත ලියන ඇමරිකානු තීරණය

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ඇමරිකාව සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කර ඉරානයේ හමුදා මර්මස්ථාන 90ක් පමණ ඉලක්ක කළ ප්‍රහාරවල ප්‍රකාශිත අරමුණ වන්නේ ඉරානයට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට තර්ජනය කිරීමේ හැකියාව දුර්වල කිරීමයි. ඉරානය ද ඊට ප්‍රතිචාර ලෙස කලාපයේ ඇමරිකානු හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. මේ නිසා සටන් විරාමය දැඩි ලෙස බිඳ වැටී ඇති බව කිව යුතුය. මෙම පසුබිම අනුව ඉදිරි අනාගතය ප්‍රධාන අංශ හයක් යටතේය විග්‍රහ කළ හැකිය .

 
1. ආරක්ෂක අංශය - දිගු කාලීන "Controlled War"

 

වහාම පූර්ණ ලෝක යුද්ධයක් ආරම්භ වේ යැයි නිගමනය කිරීම සාධාරණ නැත. නමුත් පාලනය කළ හැකි පරාසයක දිගු කාලීන යුද්ධයක් (Controlled Escalation) පවත්වා ගැනීමේ අවදානම වැඩි වී ඇත. ඒ අනුව ඉදිරියේදී දැකිය හැක්කේ, ඉරානයේ ප්‍රොක්සි කණ්ඩායම් සක්‍රීය වීම, සයිබර් ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර, නාවික ගැටුම් සහ සීමිත ගුවන් ප්‍රහාර වැනි ක්‍රියාකාරකම් වැඩි වීමය.

ඇමරිකාවට සේම ඉරානයට ද පූර්ණ යුද්ධයක ආර්ථික සහ දේශපාලන පිරිවැය දරා ගත නොහැකි තරම් අතිශයින් ඉහළ බැවින්, දෙපාර්ශ්වයම තීරණාත්මක සම්පූර්ණ ගැටුමකට වඩා පීඩනය පවත්වා ගෙන යන යුද්ධයක් තෝරා ගැනීමට බොහෝ විට ඉඩ තිබේ.

 
2. ලෝක දේශපාලනය - බහුධ්‍රැවීයත්වය තවත් ශක්තිමත් වීම

 

මෙම අර්බුදය ඇමරිකාවට පමණක් අදාළ නැත. ඒ සමඟම, චීනය, රුසියාව, තුර්කිය, සවුදි අරාබිය සහ ඉන්දියාව යන රාජ්‍යයන්ගේ තීරණ ද ඉතා වැදගත් වේ. චීනය විශේෂයෙන්ම හෝර්මුස් හරහා ගමන් කරන බල ශක්ති සැපයුම් මත රඳා පවතින බැවින්, එම තත්ත්වය දේශපාලන මැදිහත්වීම වැඩි කිරීමට හේතු විය හැකිය. රුසියාවට මෙම අර්බුදය බටහිර අවධානය විසුරුවා හැරීමට උපකාරී විය හැකිය. ඒ නිසා මෙම යුද වාතාවරණය තව දුරටත් "Middle East Conflict" එකක් පමණක් නොව, "Global Power Competition" හී කොටසකි.

 
3. බල ශක්ති සහ ආර්ථිකය

 

ඉතා වැදගත් ප්‍රශ්නය වන්නේ Hormuz Strait ය. ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය වන තෙල්වල සැලකිය යුතු ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි. ඒ නිසා, තෙල් මිල, LNG මිල, ප්‍රවාහන රක්ෂණ ගාස්තු සහ නාවික ගාස්තු,ඉහළ යා හැකිය. ඒ හරහා, උද්ධමනය, පොලී අනුපාත, කොටස් වෙළෙඳ පොළ නැවත පීඩනයට ලක් විය හැකිය. ශ්‍රී ලංකාව වැනි ආනයන මත රඳා පවතින රටවලට මේ තත්ත්වය සෘජු බලපෑමක් ඇති කළ හැකිය.

 
4. ආරක්ෂක කර්මාන්තය

 

මෙම ගැටුම තවත් ප්‍රවණතාවක් වේගවත් කරනු ඇත. එනම්, ඩ්‍රෝන, AI, Electronic Warfare, Missile Defence සහ Space Surveillance, වැනි ක්ෂේත්‍රවල ආයෝජන වැඩි වීමයි. ඒ අනුව ලෝකය Cold War කාලයේ වගේ නැවතත් ආරක්ෂක වියදම් ඉහළ යන දිශාවකට ගමන් කළ හැකිය.

 
5. ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම

 

ශ්‍රී ලංකාවට මේ ගැටුම දුරස්ථ යුද්ධයක් ලෙස පෙනුණත්, සෘජුවම බලපාන්නේ, ඉන්ධන මිල, ආනයන වියදම්, විදේශ විනිමය, සංචාරක කර්මාන්තය සහ නැව් ගමනාගමනය වැනි අංශවලටය. එබැවින් ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය නොබැඳි සහ සමතුලිත ස්වභාවය රැක ගැනීම වඩාත් වැදගත් වේ.

 
6. ඉදිරි මාස 6–12 සඳහා වඩාත් සම්භාව්‍ය තත්ත්වයන්

 

වර්තමාන තොරතුරු අනුව වඩාත් සම්භාව්‍ය දිශාවන් වන්නේ, සම්පූර්ණ ලෝක යුද්ධයකට වඩා දිගු කාලීන කලාපීය ගැටුමක් ඇති වීම-තෙල් වෙළෙඳ පොළේ අස්ථාවරභාවයක් හට ගැනීම-චීනයේ සහ රුසියාවේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරීත්වය වැඩි වීම-ඇමරිකාව සහ ඉරානය අතර වරින් වර ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර සිදු වීම වගේම අඩු විශ්වාසයක් මත වුවත් යම් අවස්ථාවක නැවත සාකච්ඡා ආරම්භ වීමේ හැකියාවක් තිබීම ආදිය වේ.

 
"lankanewsweek" විග්‍රහය

 

මෙම අර්බුදය කිය විය යුත්තේ යුද්ධයක් ලෙස පමණක් නොව 21 වැනි සිය වසේ ගෝලීය බල තුලනය නැවත සකස් කිරීමේ ක්‍රියාවලියේ තවත් අදියරක් ලෙසය. ආර්ථිකය, බල ශක්තිය, තාක්ෂණය, රාජ්‍යතාන්ත්‍රික සන්ධාන සහ ආරක්ෂාව ඇතුළු මේ සියල්ල මේ වන විට එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත.

එහෙත්, වර්තමාන සිදුවීම් මත පදනම්ව "තුන්වන ලෝක යුද්ධය අනිවාර්යයෙන්ම පැමිණේ" හෝ "අර්බුදය ඉක්මනින් අවසන් වේ" වැනි අවසාන නිගමන දීම සාධාරණ නොවේ. වඩාත් විශ්වාසදායක විග්‍රහය වන්නේ, මෙම ගැටුම පාලිත නමුත් අඛණ්ඩ ආතතියක් සහිත බහුධ්‍රැවීය ලෝකයක තවත් ප්‍රකාශනයක් ලෙස බැලීමයි. එහි දිශාව ඉදිරි සති සහ මාසවල රාජ්‍යතාන්ත්‍රික තීරණ, කලාපීය ප්‍රතිචාර සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා මත සැලකිය යුතු ලෙස රඳා පවතිනු ඇත.

Advertiesment