Wednesday 8th of July 2026

English Tamil
Advertiesment


මානව අයිතියක් වන ගොවිතැන මූලික අයිතිවාසිකමක් බවට පත්විය යුතුයි


2026-07-08 1239

 

- විපක්ෂ නායක - 

 

මේ වන විට ගොවි ජනතාව වැදගත් වී ඇත්තේ මැතිවරණ සමයේ ඡන්දය ලබා ගැනීමට පමණක් බවත් ඡන්දය නොමැති කාලයට ගොවි ජනතාව සහ ගොවිතැන යනු අසාර්ථක දෙයක් සහ දළ දේශිය නිෂ්පාදනයට දෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බවත් ගොවියා රජකරවිය යුතුය කියා ඡන්දය ගෙන අවසානයේ ගොවියා කසිප්පුකාරයා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි ජනතාව ඉදිරිපත් කළ සයවදැරූම් යෝජනාවලියේ වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පය ඇති බවත් මේ සංකල්පයේම සමගි ජන බලවේගය හැමදාම සිටින බවත් ගොවිතැන ශක්තිමත් කරනවා සේම නූතන තාක්ෂණය ගොවිතැනට ඒකාබද්ධ කළ යුතු බවත් වී ගොවියා පමණක් නොව සෙසු සෑම භෝග වගාවකම නියැලෙන ගොවි ජනතාව අගය කරන බවත් මැතිවරණයට පෙර සේම මැතිවරණයට පසුත් රටට බත සපයන්නේ ගොවියා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී

නව වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවට බොහෝ අය පැවසුවත් නව වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අහසින් වැටෙන දිය බිදු මුහුදට ගලා නොයන ආකාරයට වාරි සංස්කෘතිය ශක්තිමත් කළ යුතු බවත් කළු ගිං නිල්වලා ආදී ජලය නිකරුනේ මුහුදට යන වාරි ව්‍යාපෘති ශක්තිමත් කළ යුතු බවත් මානව අයිතියක් ලෙස හැඳින්විය හැකි ගොවිතැන මූලික අයිතියක් ලෙස සුරක්ෂා කරන්න සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගොවිතැන ගැන කතා කරන විට අද ගොවිතැනේ නිෂ්පාදන චක්‍රයේ සෑම පුරුකකම බරපතළ අර්බුධයක් ඇති බවත් බීජවල සිට පොහොර, තෙල් පොහොර, කෘෂි රසායන, යන්ත්‍ර උපකරණ මිල, අලි මිනිස් ගැටුම ආදී ගැටලු රැසක් මැද කණකර දේපල උගස්කර වගා කටයුතු කළත් නිෂ්පාදන චක්‍රයට රජය මැදිහත් වන්නේ සීමාසහිත මැදිහත්වීමක් බවත් ගොවිතැන ශක්තිමත් කරන්න දරාගත හැකි මිලකට ගුණාත්මක පොහොර බීජ ආදිය ලබා දිය යුතු බවත් මේ ගැටලු මැද ගොවිතැන් කළත් ස්ථාවර මිලක් නොමැති බවත් මැතිවරණ සමයේ නම් ඇමතිවරු කුඹුරුවලට බැස ගොයම් කකා ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අදටත් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ගොවිතැන කිරීමේ දී පිරිවැය හා වියදම වැඩි බවත් වියදමට සරිලන ආදායමක් ගොවියාට නොලැබෙන බවත් දුප්පත්කම ගැන සංගණයක් සිදු කළ හොත් ගොවි ජනතාව පවා ඒ අතර සිටින නිසා ගොවිතැනට මුල්තැන ලබා දී නවීකරණය කර නව තාක්ෂණය ලබා දී නිෂ්පාදන චක්‍රයට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බවත් සීමාසහිත භූමියකින් ඵලදාව ප්‍රවර්ධනය කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ සංකල්පය වන්නේ සුහුරු ගොවියකු බිහි කිරීම බවත් එහි දී ඉපැරණි සංකල්ප රැකගෙන ඉදිරියට යන්න සූදානම් බවත් එහි දී ගොවිජන ප්‍රඥප්තියක් අත්සන් කරන්න සූදානම් බවත් සිහින ලෝක නොව කළ හැකි කළ යුතු දේ ගැන සම්මුතියක් අත්සන් කර එය නිතියක් හරහා ක්‍රියාත්මක කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ගොවිතැන් කිරීමට යන පිරිවැය ගණනය කිරීම හරිහැටි සිදු නොවන බවත් වී ගොවිතැනේ වී කිලෝවක් සඳහා රු. 85ක පිරිවැයක් යනවා කියා දැන් එය රු. 137ක් ලෙස පවසන බවත් එහෙත් ස්ථාවර වී මිල රු. 120ක් නිසා ගොවියා සැබවින්ම පාඩු ලබනවා කියා පෙන්නුම් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment