Sunday 5th of July 2026

English Tamil
Advertiesment


කරූගේ නොනවතින ශාසනික මෙහෙවර..!


2026-07-05 1254

 

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රාදේශිය සංඝ සභාවන්හි ප්‍රතිපත්ති සංවර්ධන කාරක පාලක සංඝ සභික නා හිමිපාණන් වහන්සේලා, දිසා පාලක හිමිපාණන් වහන්සේලා සහ අනුවිජ්ජක හිමිපාණන් වහන්සේලා ඇතුළු ජ්‍යෙෂ්ඨ නා හිමිපාණන් වහන්සේලා වෙත ඊට අදාළ විජිනිපත් පිළිගැන්වීම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ දී සිදු කෙරුණි.

හිටපු කතානායක  සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශාසනික මෙහෙවර සිදු කෙරුණි.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමල නා හිමිපාණන් වහන්සේ විසින් එහිදී එම භික්ෂූන් වහන්සේලාගේ එම ශාසනික තනතුරු වලට අදාළ සන්නස් පත්‍ර ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විසින් විජිනිපත් පිළිගැන්වීය.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී හිමිපාණන් වහන්සේ ඇතුළු නා හිමි වරුන් ප්‍රධාන මහා සංඝරත්නය සහ නිකායාරක්ෂක සභාවේ මහ ලේකම් ලසන්ත අලගියවන්න මහතා ප්‍රධාන දායක සභාවේ විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

 

 

Advertiesment