මේ වන විට ඩෙංගු රෝගීන් 57000ක් වාර්තා වන විට මරණ 36ක් වාර්තා වන බවත් බස්නාහිර පළාතේ මෙය දැඩි වී රෝහල්වල ධාරිතාව පවා වැඩි වී ඇති බවත් මේ තත්ත්වය මැඩ පවත්වන්න යෝජනා කිහිපයක් තමා සතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් සමඟ ඩෙංගු උවදුර සම්බන්ධයෙන් වන සාකච්ඡාව අතරතුරය.
පළමු යෝජනාව ලෙස කීට විද්‍යා ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතු බවත් මේ නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමට අධ්‍යයක්ෂවරයා අනුමත කළත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නොවන නමුත් මේ කීට විද්‍යා නිලධාරීන්ට මේ ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ කීට විද්‍යා නිලධාරීන් සිය රාජ්‍ය කටයුතු කිරීමේ දී නීතිමය පනත්වලින් ලැබෙන සහයෝගය අඩු බවත් මේ නිසා අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම අපහසු වී ඇති නිසා නෛතික බලය ලබා දීමට 2007 මදුරු මර්දන පනත 2026 ට ගැලපෙන ලෙස සංශෝධනය විය යුතු බවත් ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත මේ අය සැපයුවත් ප්‍රතිපත්ති සම්පාදනයට තීන්දු තීරණ ගන්න යොදා නොගන්නා නිසා මොවුන්ගේ සහයෝගය ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.
එසේම ඩෙංගු මර්දන රාජකාරී ක්‍රියාත්මක කිරීමේ දී ඉහළින් සිදුවන බලපෑම් අවම කර දත්ත හා විද්‍යාත්මක කරුණු මත මේ කටයුතු සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අනුරාධපුර කුරුණෑගල මාතලේ පුත්තලම යන දිස්ත්‍රික්කවල මේ ඩෙංගු රෝගීන් වැඩි නිසා ආගමික උත්සව සමයේ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් යෝජනා කළත් මේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එයද ප්‍රතික්ෂේප කර ඇති නිසා ඇමතිවරයා මැදිහත්වී මේ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලෙසට යෝජනා කරන බවත් බොලද කාරණා කේන්ද්‍ර කර ගෙන සාකච්ඡා ප්‍රතික්ෂේප නොකර සැබැ ගැටලුව හදුනා ගෙන මිනිසුන් ගැන සිතා මේ ගැටලු සාකච්ඡා කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ගැටලුව විසදන්න විපක්ෂයක් ලෙස ද සහයෝගය දෙන බවත් ඔස්ට්‍රේලියාවේ බිස්බෙන්වල ඩෙංගු සහමුලින්ම විනාශ කරන්න කළ ක්‍රමවේදය අනුගමනය කරන ලෙසත් මුදල් නිසි පරිදි වෙන් කර ඔස්ට්‍රේලියානු රජය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ ව්‍යාපෘතිය සඳහා ආධාර පවා ලබාගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
1912 නිර්මාණය වී වඩාත් විධිමත් සේවාවක් ලබා දෙන කීට විද්‍යා නිලධාරීන් 346ක් සිටිය යුතු වුවත් අද ඇත්තේ 192ක් නිසා මේ පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Lanka Newsweek © 2026