Wednesday 1st of July 2026

English Tamil
Advertiesment


රජයේ සේවකයින්ට හාල් කිලෝ 20 ලීසිං ක්‍රමයට දෙනවා කියන කතාව රාජ්‍ය සේවකයන්ට කරපු අගෞරවයක්..!


2026-07-01 1254

 

ඉන්ධන මිල අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. තෙල් සැපයුම එනවා නම් QR ක්‍රමය ඉවත් කරන්න.

 

“ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපතිට ලිපියක්

 

රවි කරුණානායක මාධ්‍ය හමුව 

 


“ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වගකිවයුතු රාජ්‍ය මූල්‍ය සහ නීති බලාත්මක කිරීමේ ආයතන වහාම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවන ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරනවා. එහි සභාපතිවරයාට ලිපියක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර තිබෙනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා; 

මේ ලිපිය ඉදිරිපත් කරන්න අදහස් කරේ ජනාධිපති පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා රටින් පිටට මුදල් ගිහින් තියෙනවා කියලා.

මුදල් කාරක සභාවට මේ ලිපිය ඉදිරිපත් කරා Cryptocurrency ගැන මීට කලින් දැනුවත් කරලා තිබුනේ.

ජනාධිපති කියනවා ඩොලර් බිලියනයක් කියලා, සමාගම් කිහිපයක් කියලා. එහෙනම් ඒ අය ගෙන්විය යුතුයි ඒ අයගෙන් ප්‍රකාශ ගත යුතුයි ඒක අපේ කාර්ය භාරයක් 

අපි කියන්නේ ජනාධිපති සහ ආනන්ද විජේපාල කල ප්‍රකාශයට අනුව තමයි ලිපිය ඉදිරිපත් කරේ අපි සොයල බලලා නෙවෙයි ඒ අය කල ප්‍රකාශයට අනුව අපි ලිපිය ඉදිරිපත් කරේ. 

ජනතාවගෙන් අය කරන සියලු බදු මුදල් ජනතාවගේ. මේ මුදල් ලැබෙන්නේ නැති උනාම නැවත ජනතාවගේ බදු මුදල් වලින් අරගන්න බැහැ.

ඕස්ට්‍රේලියානු රජය දැනුවත් කල යුතුයි අපිට ගෙවන්න බැරි උනොත් බංකොලොත් රටක් කියලා හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට සානු කම්පිත ඉල්ලීමක් කරන්න වෙයි ඒකට කාලයක් ගත වෙයි. අපිට ගෙවන්න බැරි උනොත් ජනතාවගේ බදු මුදල් වලින් තමයි අය වෙන්නේ. 


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මේ දිනවල දේශපාලන කරළිය තුළ කතාබහට ලක්වන කාරණා කීපයක් සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ කළා. 

රජයේ සේවකයින්ට හාල් කිලෝ 20 ලීසිං ක්‍රමයට දෙනවා කියන ප්‍රකාශය විස්මිත කතාවක් රාජ්‍ය සේවකයන්ට කරපු අගෞරවයක් ලීසිං ක්‍රමයට දෙනවා කියලා මට ඇහුනේ නෑ මට දේශපාලන වශයෙන් අහපු නැති දෙයකට කියන්න බෑ 

තෙල් මිල අඩු කිරීම මදි තෙල් සැපයුම එනවා නම් QR අවශ්‍ය නෑ වෙළඳ මිල වැඩි කරේ වියදම් මිල එකතු කරලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියලා තියෙන විදියට පාඩු විදියට දෙන්නත් බෑ අධික ලාභයක් ලබන්නත් බෑ 

විශාල මුදලක් වැඩි කරලා පොඩි මුදලක් අඩු කරලා වැඩක් නෑ. පෙට්‍රල් මිල කුඩා වාහන එලවන අයට අදායම් සොයාගන්න අපහසුයි. විශේෂයෙන් ත්‍රි රෝද  රථ රියැදුරන්ට ඒ නිසා QR අවශ්‍ය නැහැ කියලයි අපි හිතන්නේ.
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment