ලෝක වෙළෙදපොළේ බොරතෙල් හා ඉන්ධන මිල ගණන් පසුගිය කාලයේ පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එමඟින් ජනතාවට සහන සැලසීමේ අවස්ථාව උදා වී ඇති බවත් මේ වන විට බ්‍රෙන්ට් කෘඩොයිල් යුද්ධයට පෙර පැවැති මුදල හෙවත් ඇ. ඩොලර් 73.74 දක්වා අඩු වී ඇති නමුත් ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය ඉන්ධන සහනාධාරය හා ඒ සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය ගැන ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලෝකයේ ඉන්ධන මිල අඩුවන අප රටේ පාරිභෝගිකයාට ලබා දෙන ඉන්ධන මිල ද අඩුවිය යුතු බැවින් දැන් පවතින ඉන්ධන මිලට අප රටේ ඉන්ධන මිල ද අඩුවිය යුතු බවත් රජය තවමත් ඉන්ධන මිල අඩු නොකරන්නේ ඇයි ද කියා ගැටලුකාරී බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
රජය මේ වන විට ඉන්ධන සඳහා සහනාධාරයක් දෙන්නේ නම් එම සහනාධාර ප්‍රමාණයන් ඉන්ධන වර්ග අනුව වෙන් වෙන්ම දැක්විය යුතු බවත් මේ සහනාධාරය ප්‍රමාණය ගණනය කරන පදනම ඉදිරිපත් කරන ලෙසත් මෙහි සත්‍ය වටිනාකම පාරිභෝගිකායට නොයන්නේ නම් එහි වරද කුමන පාර්ශ්වයක ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා වන ප්‍රතිපාදන සෑම ඉන්ධන සැපයුම්කරුවකුටම ආණ්ඩුව විසින් ලබා දී ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ ලබා නොදෙන්නේ නම් ඒ සඳහා හේතු ඉදිරිපත් කරන ලෙසත් රජය මේ සහනාධාරය නවතාලීමට සූදානම් නම් ඒ නිසා ඉන්ධන මිල ගණන් වෙනස්වන ප්‍රමාණයන් ඉදිරිපත් කරන ලෙසත් මේ මිල ගණන් වැඩිවීම කෙරෙහි වගකීම දරන්නේ කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් තවදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉන්ධන මිල ගෝලීය වෙළෙදපොළේ පහළ යන අවස්ථාවල දී මෙහි වාසිය පාරිභෝගිකයන්ට සම්බන්ධයෙන්ම ලබා දෙන බවට රජය සහතික කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් නැතහොත් මේ ප්‍රතිලාභ ජනතාවට නොලැබිමට හේතු ඉදිරිපත් කරන ලෙසත් 2026 පෙබරවාරි 1 සිට මේ දන්වා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදු කර ඇති ඉන්දන මිල දී ගැනීම් සම්බන්ධ තොරතුරු සියල්ල ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මේවා විවෘත තරගකාරි ලංසු කැදවීමක් කර ඇත්ද නැද්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
බටහිර ආසියාවේ පවතින ගැටුම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා අමතර රක්ෂණ පිරිවැය දැරීමට සිදුව ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් එම කාල සීමාවේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙවා ඇති ප්‍රිමියම් අගයන් කලාපයේ සෙසු රටවල් සමඟ සංසන්දනය කර ඇත් නම් එය සභගත කරන ලෙසත් මෙහි දී ජාත්‍යන්තර මිල ගණන්වලට අසාමාන්‍ය මිල ගෙවීමක් කර ඇත්නම් ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය සතු අධීක්ෂණ හා වගකීමේ ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙසත් පර්යේෂණ ආයතනවලට අනුව 2026 මැයි මාසයේ දී ලෝකයේ මිලට වඩා පෙට්‍රල් 15%ක වැඩි මිලකට ගෙන ඇති බවත් ඩීසල් ද 13%කට වැඩි මිලකට ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ලෝක වෙළෙදපොළෙ තෙල් මිල ඉහළ දමන විට තෙල් මිල ඉහළ දැමුවද තෙල් මිල පහත වැටෙන විට අප රටේ තෙල් මිල අඩු නොවන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් අද වන විට ලෝක වෙළෙදපොළේ තෙල් මිල විශාල ලෙස පහත වැටී ඇති බවත් පසුගිය කාලයේ දි මෙය ක්‍රමක්‍රමයෙන් අඩුවුවත් රජයෙන් කිසිදු තෙල් මිල අඩු කිරීමක් නොවූ බවත් ලෝක වෙළෙදොපොලේ ඔක්ටේන් 92 පෙට්‍රල් රු.424කට ගන්න පුළුවන්කමත් තිබියදී අප රටේ රු. 434ක් ද ඔටෝ ඩීසල් ලෝක වෙළෙදපොලේ රු. 381ක් වන විට අප රටේ රු. 407ක් අය කර ඇති මේ නිසා පාරිභෝගිකයාට ලබා දෙන මිල අඩු කිරීම ඉටු නොකර ඉතාම අධික මිලකට තෙල් අර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ නිසා ගෝලීය තෙල් මිලට වඩා වැඩි මිලක් ගෙවීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු සිදුවීම නිසා එය බදු ගෙවන ජනතාවට ගෙවිමට සිදුව ඇති බවත් අඩුමිලට ජනතාවට දෙන්න තිබූ අවස්ථාව අහිමි වී ඇති බවත් මෙය නිසා විදේශ විනිමය සංචිත හිගයකටද මුහුණ දීමට සිදුව ඇති බවත් මේ සියල්ල පර්යේෂණ දත්ත බවත් අඩුවට ගන්න තිබූ තෙල් වැඩි මිලට ගත්තේ ඇයි ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් දැන්වත් බදු ඉවත් කර මැතිවරණ පොරොන්දුවක් වූ වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Lanka Newsweek © 2026