
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක තවත් බෝම්බයක් ගැහුවා.වෙනදා පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ පත්තු කරන රවී මේ පාර බෝම්බය පත්තු කළේ එළියේ.වෙනදා ආර්ථික සටන් පාඨ උස්සගෙන කෑගහන රවී මේ පාර දේශපාලන බෝම්බයක් ගහලා දාලා.මහ බැංකු අධිපති නන්දලාල් නං ගොඩක් සතුටු වෙනවා ඇති රවී වෙන සටනක පටලීම ගැන. නන්දලාල් මේ ආණ්ඩුව රවටගෙන යන්න හදන ගමනට ලොකුම හිසරදය වෙලා තියෙන්නේ රවී.
රවී මේ පාර බෝම්බය ගැහූවේ එජාප ඇතුළට.මීට කලිනුත් රවී එජාපයේ ඉන්න භූතයෝ දෙන්නෙක් ගැන කියලා තිබුණා.හැබැයි ඒ මීට අවුරුද්දකට විතර කලින්.රවී කියන විදිහට දැන් එජාපය ඇතුලේ භූතයෝ පැටව් ගහලා.එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය දක්වා භූත පැටව් ඇවිල්ලා.සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ පවුල්වාදය එක්තරා විදිහකට හිස ඔසවපු පිළිලලයක්.දැන් ඒක වර්තමාන මාලිමා ආණ්ඩුව දක්වාම ඇවිල්ලා.තාත්තලා - පුතාලා,ස්වාමි පුරුෂයා සහ බිරිඳ විතරක් නෙවෙයි boy friend and girl friend පවා දැන් මාලිමාවෙන් පාර්ලිමේන්තු ඇවිත්.
පවුල්වාදයට එරෙහිව සටන් කරපු දේශපාලන පක්ෂයක් විදිහට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය භූත පැටවුන්ගෙන් පිරවීම නං ප්‍රශ්නයක් තමයි.එජාප ව්‍යවස්ථාවේ හැටියට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රනිල් නොදැන සාමාජිකයන් බදවා ගන්න බෑ.ඒක නිසා මේ භූතයන්ගේ පැමිණීම රනිල් නොදන්නවා වෙන්න බෑ.රවී කියපු කතාවලින් රටේ රාළට වැදගත් උනේ භූත කතාව නෙවෙයි. රවී කිව්වා සජබ එජාප අනිවාර්යෙන්ම එකතු වෙන්න ඕනි.ඉදිරි මාස දෙක ඇතුලත පක්ෂ දෙක එකට වැඩ කරන්නේ නැත්නම් නායකයෝ දෙන්නම විසිවේවී කියලා.
ඒ වගේම රවී කිව්වා එජාප සජබ විතරක් නෙවෙයි මේ වෙලාවේ සියලු පක්ෂ එකතු වෙන්න ඕනි කියලා.ඒකට ආරම්භක පියවරයක් විදිහට එකතු වෙනවා නං එකතු වෙන්න පහසු එජාපටයි,සජබයටයි තමයි.අපි නිකං හිතුවොත් තවත් එහෙම එකතු වෙන්න ලේසි පක්ෂ දෙකක් තමයි පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය.සජබ සහ එජාපය කියන්නේ එක්කරා කාලයක එජාපයම තමයි.පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය කියන්නෙත් එක්තරා කාලයක ශ්‍රීලනිපයම තමයි.මේ පක්ෂ දෙක දෙකඩ වීමෙන් රටටවත් ඒ පක්ෂ නියෝජනය කරපු කිසිම පුද්ගල කණ්ඩායමකටවත් වාසියක් වෙලා නෑ.
වාසිය වෙලා තියෙන්නේ මේ බලයේ ඉන්න කල්ලතෝනි පිරිසට සහ බෙදුම්වාදයට විතරයි.එජාප සහ ශ්‍රීලනිපය සලකද්දී එජාපය ප්‍රධාන කෑලි දෙකකට කැඩිලා.හැබැයි ශ්‍රීලනිපය ප්‍රධාන කැලි දෙකකට කැඩිලා වගේම ශ්‍රීලනිප කියන කොටස තවත් කෑලි ගාණකට කැඩිලා.ඇත්තටම ශ්‍රීලනිපය තවමත් තියෙන්නේ උසාවියේ.ඒකයි රටේ රාළ කියන්නේ එකතු වෙනවා නං භෞතිකව,මතවාදීව සහ සංස්කෘතිකමය වශයෙන් එකතුවෙන්න වඩාත් පහසු එජාපයට සහ සජබයට.
හැබැයි ඉතින් එජාප සජබ එකතුවක් මේ සම්ම කපේ සිද්ධවෙයි කියලා කවුරුවත් හිතන්නේ නෑ.ඇත්තටම ඒකට බලපාන හේතු මෙනවාද?මෙතනදී ඇත්ත හේතු කවුරුවත් කතා කරන්නේ නෑ. එජාපය පැත්තෙන් සජිත්ට බනිනවා,සජබය පැත්තෙන් රනිල්ට බනිනවා.මේ දෙන්නා ඉන්නකං එජාප - සජබ එකතුවක් වෙන්න දෙන්නේ නෑ කියලා කියනවා.රටේ රාළ නං මේ ප්‍රශ්නය දකින්නේ ඊට වැඩිය සංකීර්ණ ප්‍රශ්නයක විදිහකට.හැබැයි රනිල්ගේ සහ සජිත්ගේ තියන ඊගෝ එක එකතු නොවීමට තදටම බලපාන එක හේතුවක් විදිහට රටේ රාළත් පිලිගන්නවා.
රවී කියනවා වගේ මේ ඊගෝ එකත් එක්ක යනවා නම් අනිවාර්යයෙන්ම දෙන්නටම කෙලවෙනවා කියන එකත් රටේ රාළත් පිලිගන්නවා.එජාප අය හිතනවා සහ විටින් විට news plant කරනවා රනිල් මේ පාර්ලිමේන්තුවට එනවා කියලා.රනිල්ට මේ පාර්ලිමේන්තුවට එන්න බැරිකමක් නෑ.රටේ රාළත් රනිල් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවට අකමැති නෑ.හැබැයි රනිල් මේ පාර්ලිමේන්තුවට ආවා කියලා බලය වෙනස් කරන්න බෑ.එජාප අය හිතනවා නං සජබෙන් ටිකක් ගලවනගෙන මාලිමාවේ ටිකක් එක්ක ආණ්ඩු කරන්න පුළුවන් කියලා ඒක කවදාවත් වෙන්නේ නෑ.
බලයේ මොන විදිහේ හරි වෙනසක් කරන්න ඕනි නම් එජාප සජබ එකතුවක් ඕනිමයි.ඒක නිසා රනිල් සහ සජිත් මේ ගැන නැවත හිතන්න ඕනි.ඊළඟට එක තමයි එජාප සජබ එකතුවක් වෙන්න නොදෙන කණ්ඩායමක් ඔය දෙපැත්තෙන්ම ඉන්නවා.ඒ අය බලන්නේ එයාලගේ පැවැත්ම විතරමයි.එතනදී තමයි රවී කියන භූත තර්කය වැදගත් වෙන්නේ.එජාපය සජබ එකතුවක් උනොත් සියලු භූතාත්මවලට ඉඩක් නැතිවෙනවා.තිබුණත් බොහොම ටික කාලයයි.මේ කණ්ඩායම් දෙක එකතු උනොත් රටේ දේශපාලන වගේම ඒ පෙරමුණේ දේශපාලන සංයුතියේ ලොකු ගුණාත්මක පිම්මක් පණිනවා.
ඇත්තටම මෙතනින් එහාට දේශපාලනයේ පවතින්න පුළුවන් වෙන්නේ වැඩකාරයන්ට විතරයි.කයිවාරුකාරයන්ට බෑ.එජාප සජබ එකතුවකින් ඔය දෙපැත්තෙන්ම ඉන්න කයිවාරු කාරයෝ හැලෙනවා.නැත්තං ජනතාව විසින් හලලා දානවා.මේකට කයිවාරුකාර භූතයෝ බයයි.දක්ෂයෝ ආවම තමන්ගේ තැන නැතිවෙන නිසා මේ එකතුව වෙන්න දෙන්නේ නැති පිරිසක් රනිල් වටේට වගේම සජිත් වටේටටත් ඉන්නවා.රනිල් ළඟ භූතයෝ දෙකක් ඉන්න බව රවී කියනවා.සජිත් ළඟත් භූතයෝ තුනක් ඉන්නවා.
හැබැයි එජාපයේ තලතා,රාජිත,නවීන්,හරීන්...වගේ අය ඒ භූත මනසේ නැති බව පේනවා.ඒත් ඉතින් එයාලත් භූතයන්ට යටවෙලා ඔහේ ඉන්නවා.සජබ බහුතරයත් එජාප සජබ එකතුවකට කැමතියි.එතනත් භූත ආත්ම කීපයක් ඉන්නවා.ඒවා අඩූම ගානේ මහජන නියෝජීත භූත ආත්මවත් නෙවෙයි.ඊළඟට සජබ සහ එජාපය එකතු වෙන්න දෙන්නේ නැත්තේ බාහිර බලවේග.ඒ භාහිර බලවේග අතර විදේශ බලවේග,සුළු පක්ෂ සහ ආණ්ඩුව ඉන්නවා.විදෙස් බවේගවලට මේ දක්වා ඉතිහාසයේ ආපු කීකරුම ආණ්ඩුව තමයි මාලිමා ආණ්ඩුව.නිවටම පාලකයා තමයි අනුර.
සජිත් මේ රටේ අගමැති හරි ජනාධිපති හරි වෙලා නෑ.හැබැයි සජිත්ගේ තාත්තා අවුරුදු ගාණක් අගමැති විදිහටත්,අවුරුදු කීපයක් ජනාධිපති විදිහටත් හිටියා.අපේ රටේ ජනාධිපති වරුන්ගෙන් පීඩිතම පන්තියෙන් අපු ජනාධිපති තමයි රණසිංහ ප්‍රේමදාස.අපිත් එයාගේ දේශපාලනට එකඟ නෑ.හැබැයි අටේ පන්තියට ඉස්කෝලේ ගියා කියන ප්‍රේමදාස එක්සත් ජාතින්ගේ සංවිධානය ඉස්සරහා චතුර විදිහට ඉංග්‍රීසියෙන් කතා කරනකොට අනුරට ඉංග්‍රීසි බැරි වෙන්න බෑ.ප්‍රේමදාස එදා ඉන්දියන් ආක්‍රමණය ඉස්සරහා ඉන්දියාවට අභියෝග කළා.ඉන්දියන් හමුදාව යැව්වා.
අපේ රටේ නිවාස විප්ලවය කළා.අපේ රටට අදත් විශාලම විදේශ විනිමය ගේන ඇඟළුම් කර්මාන්තය ප්‍රේමදාසගේ නිර්මාණයක්. රනිල් කියන්නෙත් අපේ රටේ බිහිවුන විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.රනිල් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ.රනිල් වැඩ්ඩෙක්.විදෙස් බලවේග කැමති මේ නිවට ආණ්ඩුව තියාගෙන තමන්ගේ වැඩේ කරගන්න.ඒ අයගේ නියෝජිතයෝ එජාපයේ සහ සජබයේ plant කරලා ඉන්නේ.එයාලා මේ දෙකට එකතු වෙන්න තියන ඉඩ අහුරනවා.කොටි ඩයස්‌පෝරාව,කතෝලික පල්ලිය, බෝන් එගේන් කලිවල සහ ආණ්ඩුවේ ඩිල් මේවා ඇතුලේ ක්‍රියාත්මකයි.යම් විදහකින් එජාප සජබ එකතුවක් හැදෙන්නේ නැතිව මෙහෙම ගියොත් රවී කියනවා වගේ දෙපැත්තටම කෙලවෙනවා.
රටේ ආර්ථිකය හැසිරවීමට තියන හැකියාව නිසා රවීලා එජපයෙන් කැපුවත් දේශපාලනයෙන් කපන්න බැරිවෙයි.ආණ්ඩුව පලාත් සභා මගෑරලා ජනාධිපතිවරණයකට යනවා.එදාට ඔය සුළු පක්ෂ සේරම මාලිමාවේ වේදිකාවේ ඉන්න බව විතරක් මතක තියා ගන්න.රනිල්ට සහ සජිත්ට හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ.රවීගේ දේශපාලන විග්‍රහය ඒකද කියන්න රටේ රාළ දන්නේ නෑ.හැබැයි අවසානයේ වෙන්නේ රනිල් සජිත් දෙන්නම විසිවීම කියන එක කියලා රටේ රාළත් පිලිගන්නවා.
හරි එහෙනම් ගිහින් එන්නම්,
ජය වේවා..!
මීට,
රටේ රාළ.
Lanka Newsweek © 2026