Friday 19th of June 2026

English Tamil
Advertiesment


රජයේ ක්‍රමයේ වෙනස ගැන ජනතා මතය දැන ගන්න පළාත් සභා මැතිවරණය පවත්වන්න


2026-06-19 1256

 

- විපක්ෂ නායක -

 

අප රටේ වරාය සංවර්ධන හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යවසායකයකු ලෙස පවතින තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කරනවා කියා වත්මන් රජය බලයට ආවත් තිබුණට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කළාද කියා ප්‍රශ්නයක් ඇති බවත් අපට අයිති නැගෙනහිර පර්යන්තය කඩිනම් සංවර්ධනට අඩාළ කර විවිධ බලවේගවල බලපෑම් මත අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් Births තුනක් නිසි උපකරණ සහිතව ක්‍රියාත්මක විය යුතු මොහොතක එකක් පමණක් ක්‍රියාත්මක වීමත් වගකිවයුතු තනතුරුවලට නුසුදුස්සන් පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වරාය වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡාවක් අතරතුරය.

මේ නිසා වරායට සහ මේ ආයතනයට ජීවය ප්‍රාණය ලබා දෙන ශ්‍රමය පවා විනාශ වන බවත් වරප්‍රසාද පවා මේ අය කප්පාදු කර ඇති බවත් වරායේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න කළ හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් වරාය යනු අප රටේ සම්පතක් නිසා මෙය රැකගත යුතු බවත් සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද රටේ ප්‍රශ්න ගැටලු රැසක් ඇති බවත් රජයේ ක්‍රමයේ වෙනස සහ රාජ්‍ය ප්‍රතිපත්තිය නිවැරදි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් මේ තුළින් රජ⁣ය ගැන ජනතා මතය උරගා බැලිය හැකි බැවින් ජනතා මත විමසුමක් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම එදා පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අරගලය කළ අගමැතිනිය අද පළාත් සභා කල් දාන්න විවිධ උපක්‍රම දියත් කරන බවත් විපක්ෂයේ සිටින විට මැතිවරණය ඕනැ බව පවසන අගමැතිනිය ඇතුළු රජය පළාත් සභා මැතිවරණය කල්දමමින් යන බවත් දැන්වත් ජනතා⁣වගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා නොදමන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment