අප රට බරපතල අවදානම් තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් විවිධ පාර්ශ්ව, කණ්ඩායම් හා සංවිධාන අප රටේ ඇති අවදානම් තත්ත්වයන් ප්‍රයෝජනයට ගෙන මේ අනතුරුදායක තත්ත්වය තුළ විවිධ උපක්‍රම හරහා අප රටේ සෛරීත්වය පලුදු කරන්න සෘජු හා වක්‍ර දායකත්වය ලබා දෙන බවත් රටක් ලෙසත් මේ අමාරු අවස්ථාවේ දේශපාලන විවිධත්වය හා වෙනස්කම්වලට නිසි ගරුත්වය ලබා දී රටට බලපෑම් එල්ල වන විට අප රට සුරක්ෂිත කරන්නට අප සැවොම වගබලා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වසර 71ක් ආයු වදාරා අපවත්වී අදාළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, රන්දොඹේ සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය හා එක්වෙමිනි.
එදා උදාගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වන විට එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේ සුවිශාල දායකත්වයක් ලබා දුන් බවත් ඊට අමතරව මහා සංඝරත්නය වෙනුවෙන් ද සුවිශාල මැදිහත්වීමක් සිදු කළ බවත් ජනාධිපති ජංගම සේවා වැඩසටහන් හරහා ජනතාව අතරට ගොස් ප්‍රශ්න විසදීමේ කාර්යයේදී රට පුරාම ජංගම සේවා වැඩසහන් ජන සවිය හා ගම් උදා වැඩසටහන් හා සම්බන්ධ වී සුවිශේෂ දායකත්වයක් හා අනුශාසනාවක් ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ බුද්ධශාසන අමාත්‍යාංශය ස්ථාපිත කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ බවත් බුද්ධ ශාසනයට උත්තරීතර තැනක් ලබා දී විශේෂිත ස්ථාවරයක් ලබා දී එය ශක්තිමත් කිරීම ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් ස්ථිර වගන්තියක් බවට පත් කර රට තුළ ඇති සෙසු ආගම් හා ජාතීන්ට සංස්කෘතීන්ට නිසි තැන ලබා දෙමින් කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ පවා ස්ථාපිත කිරීමේ දී ආරක්ෂිත සෛරී රටක් යන ගමන ශක්තිමත් කරන්නට කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේ සිය අනුශාසනය දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Lanka Newsweek © 2026